වැව ගොඩකරන්නට අවසර දුන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති ද?

0
129

වෙන්නපුව මහ වැවේ ‍කොටසක් ගොඩකර අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් විමසූ විට නයිනමඩම ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රධාන නිලධාරීයෙකු ඊයේ අප හට පැවසූවේ
ඒ සම්බන්ධයෙන් මේ ප්‍රදේශයේම තවත් රාජ්‍ය ආයතනයකින් අවසර දී ඇති නිසා තමන්ට ඒ පිළිබදව කිසිවක් පැවසීම නොහැකි බවයි.
අද පෙරවරුවේ අප මේ පිළිබදව හලාවත ගොවිජන සේවා කාර්යාලයේ කොමසාරිස්තුමියගෙන් විමසන ලදී.  එයට පිළිතුරුදෙමින් ඇය පවසා සිටියේ  වෙන්නප්පුව වැවේ අනවසර ඉදිකිරීමක්
සිදුවන බවට  පළමු පැමිණිල්ල   වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් තමන්ට 2013-02-06 වනදා ලැබුණ බවයි.  ඒ පිළිබදව ප්‍රාදේශීය කාර්යාලය හරහා විමසා බැලීමේදී මෙම ඉදිකිරිමට
අවසරය ඒ ප්‍රදේශයේ තවත් රාජ්‍ය ආයතනයකින් දී ඇති බව  තමන් දැනගත් බවත්
කොමසාරිස්තුමිය පවසන ලදී.
වෙන්නප්පුව මහ වැවේ අනවසර ඉදිකිරීම සිදුකළ පුද්ගලයාට මේ සම්බ්න්ධව කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසට ලිඛිතව දැනුම්දීම අද දිනයේදී සිදුකරන බව හලාවත ගොවිජන සේවා කාර්යාලයේ කොමසාරිස්තුමිය මීපුර වෙබ් අඩවියට ප්‍රකාශය කළේය.



වෙන්නප්පුව  මහ වැව ලෙස හදුන්වන වැව හෙක්ටයාර 72කින් යුක්ත වැවක් වන අතර වෙන්නප්පුව ග්‍රාමයට ඇති වැව් දෙකෙන් ක්‍රියාකාරීව පවතින ප්‍රධාන වැවයි.  2005දී  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කරන ලද සම්පත් පැතිකඩෙහි සදහන වන අාකාරයට මෙම වැවෙන් පෝෂණය වන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 72 ඇති අතර වගා කරන පවුල් ප්‍රමාණය පවුල් 25කි.