වැසි කුණාටුව මීගමු ලෙල්ලමට ?

0
512

පසුගිය සති කීපය පුරා ලංකාවේ පවතින වැසි කුණාටු  සහිත දේශගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන් හට සිය ජීවිකාව කරගැනීමට නොහැකි තරමට පාඩු සිදුවූ අතර පාරිෙභා්ජනය සදහා මාලු හිග වීමක් දක්නට ලැබුණි. මීගමුව ලෙල්ලමේ වෙළදාම අද වන විටද එතරම් සරු බවක් නොතිබුණත් ධීවරයන් සිය රැකියාවේ නිරත වී සිටිනු දක්නට ලැබිණි.

මත්ස්‍යයින් රැගත් යාත්‍රා වෙරළට පැමිණි පසු දැකිය හ ැකි දසුනකි.
මත්ස්‍යයින් රැගත් යාත්‍රා වෙරළට පැමිණි පසු දැකිය හැකි දසුනකි.

 

මාලු වෙළදාම සඳහා රැගෙන යාමට පෙර..

 

දැලෙන් බේරුණ අලුත් මාලු

 

ධීවර කාන්තාවන් විසින්  ‘දැල්ලෝ ‘වෙළඳාමට සකස් කරමින්

 

කරවල සඳහා ‘කෙලවල්ලන් ‘ මාලු සකස් කරමින්
වීසිදැල් භාවිතා කරමින් මාලු අල්ලමින් ..

 

පසුගිය දිනවල වැසි කුණාටු තත්ත්වය හේතුවෙන් ඉස්සන් හිඟ වීම නිසා ඉස්සන් කිලෝවක මිල අද වන විට රුපියල් 2500 පමණ වේ.


මේ දිනවල ‘දැල්ලන්‘ දුලභ මත්ස්‍ය වර්ගයකි. අද වෙළඳ පොළේ එක ස්ථානය පමණක් දැල්ලන් අළෙවි කිරීමට තිබුණි.

 

කරවල සඳහා සකසාගත් මාලු වේලීම සඳහා වැල්ලේ අතුරා ඇති අයුරු

ධීවරයෝ නැවත මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම සඳහා දැල් සකස් කරන අයුරු

 


ඡායාරූප සහ සටහන –නිලාන් ධනංජය