අද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක්

0
144

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් විශේෂයෙන් අද (23) රාත්‍රියේ සිට බලාපොරොත්තු විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය,මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදැසන කාලයේ දීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක. මුලතිව්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.d0f15-6a00d8341cdd0d53ef019aff6f0b6e970b
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here