වැසි සහිත කාලගුණ තත්වයේ වැඩිවීමක්..

0
32

a0905f147c3f46bd8b7ef66d0eb626ce

වායුගෝලයේ ඇතිවී අැති තරංග ආකාර කැලඹිලි තත්වය ඉදිරියේදී දිවයිනේ හා ඒ අවට මුහුදු ප්‍රදේශයේ කාලගුණික තත්වයට බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. එම බලපෑමෙන් දිවයිනේ හා ඒ අවට මුහුදු ප්‍රදේශයේ වැසි තත්වයේ හා සුලං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කල හැකි වනු ඇති.

මේ අනුව වැසි මෙන්ම ගිගුරුම් සහිත වැසිද ඇති වෙතැයි බලාපොරොත්තු වන අතර 150mm ඉක්මවූ අධික වර්ෂාපතනයක් නැගෙනහිර ප්‍රදේශයටත් 100mm ඉක්මවු වර්ෂාපතනයක් දිවයිනේ අනෙක් ප්‍රදේශවලටත් බලාපොරෙත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ. එලෙසම දිවයිනේ උතුරු ප්‍රදේශයට 40-50kmph පමණ වූ තරමක තද සුළගක්ද බලාපොරොත්තු විය හැකියි.

විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන් වලදී සුළගේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු වන නිසා මෙන්ම විදුලි කෙටීම් වලින් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටද අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.