වෑන්රථයක් තුල පිළිස්සුන මළසිරු 5ක් දංකොටුවේ පාලු පාරකින් හමුවේ.?

0
84

Dankotuwa case 1අද 11 පාන්දර දංකොටුව ඉරබඩගම කොස්හේන ප්‍රදේශයේ පාළු පාරක මිනිසුන් පිරිසක් මරා වෑන් රථයක දමා ගිනි තබා තිබියදි සොයාගත් බව දංකොටුව පොලිසිය පවසයි කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් වාහනයක් ලෙස එම ස්ථානයේ වැටි තිබු වෑන් රථයේ අංකයෙන් සොයාගත් නමුත් වාහනය ඇතුලේ දැවි අලු වි සිටින පිරිස හඳුනාගත නොහැකි තත්වයේ තිබෙන බව පොලිසිය කීය එම වෑන් රථය තුල පස් දෙනෙකුගේ පමණ සිරුරු තිබෙන බවත් ඒ අතර පොඩි දරුවෙකුගේද සිරුරක් තිබෙන බවට සැකයක් පවතින බව පොලිසිය කීය වෑන් රථය හමු වු මාර්ගය දෙපස නිවාස නොමැති බවත් විශාල පොල්වතු තිබීම නිසා පාළු ස්වභාවයක් උසුලන එම මාර්ගයේ මිටර් 500 ක් පමණ දුරට ලේ පැල්ලම් සොයා ගත් බව පොලිසිය කීය මෙය යම්කිසි සංවිධානාත්මක අපරාධයක් විය හැකි බවත් පොලිසිය පවසයි
චන්දන ප්‍රනාන්දු