විකල්ප ජනතා ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් සමග සිවිල් ප්‍රජාව ඉදිරියට

0
937

සමබිමරයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදී සාමූහිකය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල සූම් සාකච්ඡාවක් අද දින එනම් 2020 නොවැම්බර් 15 වෙන ඉරුදින සවස 3.00 සිට පැවති සූම් සාකච්ඡාව වඩාත් ධනාත්මක හා ඉදිරිගාමී සාකච්ඡාවක් විය.
මෙම සූම් සාකච්ඡාව සඳහා ජාතික මට්ටමේ සිවිල් ක්‍රියාකාරින්  පිරිසක් මෙන්ම ලංකාවේ විවිධ පලාත් නියෝජනය කරන සිවිල් ක්‍රියාකාරින් පිරිසක් ද සහභාගි විය.
එහිදී මූලිකවම සිදුවූයේ ඉතිහාසය පුරා ව්‍යවස්ථා සංශෝධනය සඳහා දරණ ලද උත්සාහයන් වල දී සාකච්ඡා වූ කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමත්, ඉදිරියේ රයිට්ස් නව් සංවිධානය විසින් ඉදිරපත් කිරීමට බලාපොරොත්තු වන ව්‍යවස්ථා යෝජනාවලිය සඳහා අදහස් ඉදිරිපත් කිරීමත්ය.
මේ සඳහා සම්පත්දායකයින් ලෙස  ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව ආචාර්ය නිතීඥ ජයම්පති වික්‍රමරත්න ද, 2016 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම් කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන නීතිඥ ලාල් විෙජ්නායක ද, 2016 සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රච්වාරණ කාර්ය සාධක බලකා වාර්තාවේ අන්තර්ගතය නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන විසින් ද මූලික අදහස් දක්වන ලදි.
සාකච්ඡා මෙහෙයවන ලද නීතිඥ ජගත් ලියනාරච්චි විසින් මේ සංවාදය මෙහෙවන ලදි. ඔහු විසින් පැහැදිලිව විවිධ පාර්ශ්වයන් ගෙන් දැනුවත් කළ යුතු අවස්ථාවන් දැනුවත් කරමින් සාකච්ඡාව මෙහෙයන ලදි. මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව වට කිහියකින් සාකච්ඡාව මෙහෙයවන ලදි.
සාකච්ඡාවේ දී වඩාත් අවධානයක් යොමු වූයේ මානව හිමිකම් සහ බලය ඛෙදා හැරීමේ යෝජනා සම්බන්ධවයි. පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කිරීමට ඇති සීමිත කාලය හා ඉඩකඩ නිසා එකී තේමාවන්ට සීමාවීමට සිදුවිය. කෙසේ වුවත් සාකච්ඡාව තුලදී යෝජනා විය යුතු කරුණු සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් විය.
අවසානයේ දී දැනටම සිවිල් කණ්ඩායම් කිහිපයක් මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවත්, සියළුම දෙනාම වෙන් වෙන්ව ද, ඒකාබද්ධව ද නව ව්‍යවස්ථාවට අදහස් ඉදිරිපත් කළ යුතු බවට යෝජනා විය. එමෙන්ම එතැනින් නතර නොවී අනාගත ඡන්ද ව්‍යාපාරයන්ට හා අනාගත දේශපාලන නායකත්වයන්ට, ව්‍යාපාරයන්ට අභියෝග කළ හැකි පූර්ණ ව්‍යවස්ථා යෝජනාවලියක්, සකස් කර එය ඉදිරියට ගෙන ආ යුතු බවටත් යෝජනා විය. ඒ සඳහා එම සාකච්ඡාව තුළම සිටි පිරිසට හැකියාවක් තිඛෙන බවත්, දැනටමත් සකස් වූ යෝජනා තිඛෙන බවත් එහිදී සඳහන් විය. කළ යුතුව ඇත්තේ ඒවා ඒකාබද්ධ කිරීමත්, නැවත සකස් කිරීමක් පමණක් බවට ද අදහස් මතු විය.
ඒ සම්බන්ධව ඉදිරි සතිය තුළ දී සාකච්ඡාවට භාජනය වූ කණ්ඩායම නැවත හමුවීමට බලාපොරොත්තු වෙන බව සංවිධායකයන් දැනුම් දුන්නේය.
සුදේශ් ද සිල්වා