විකල්ප නැතුව දෙන විසදුම් නිසා අර්බුද වැඩිවෙනවා.

0
135

මීගමුවේ ප්‍රධාන ලෙල්ලම් 3 වසා දමා තිබුනේ දැනට සතියකටත් වඩා වැඩි කාලයක සිටය.තතු එසේව තිබියදි යළිත් ලෙල්ලම් ටික හුදකලා කළා යැයි ද නිවේදනයක් හමුදාපති ප්‍රකාශයට පත් කර තිබුණි.එහි පදනම කුමක්ද යන්න දන්නේ ද ඔවුන්ම පමණි.
වසා දාමා තිබුන ලෙල්ලම් යළිත් වරක් හුදකලා කලායැයි කීවද ධිවරයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ප්‍රශ්ණයට විසදුමක් නැත.

එවැනි විසදුම් නැතිකොට ඇතිවෙන්නේ වඩාත් ප්‍රශ්ණකාරි අවිධිමත් ජනතා මැදිහත්විම්ය.


ඉන් ඇතිවිය හැකි අවදානම බෙහෙවින්ම ප්‍රබලය.
ලෙල්ලම් වසා දමා තිබුණද ධීවරයෝ මුහුදු යති.
මාලු අල්ලති.
ඒවා දැන් විකුණන්ගේ පාරවල් දෙපැත්තේ සිටය.
අද වන විට තත්වය වඩාත් බරපතල වි තිබුණි.
මේ සම්බන්ධයෙන් ධිවර ව්‍යාපාරිකයෙකු මෙන්ම මිගමු මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුද වන සංගීත් ගෙන් මේ ගැන විමසා සිටි අවස්තාවේ ඔහු කියා සිටියේ ආදාල බලධාරින් විසින් අනිවාර්යයෙන්ම විකල්පයක් ඉදිරිපත් කළයුතු බවය.