විජයරත්නම් පරපුරට සජිත් සාධාරණය ඉටුකරයිද.?

0
114
ඇමති නිමල් ලංසාට දකුණු පසින් සිටින්නේ සජිත් මොගන් නාගරික මන්ත්‍රිවරයාය

මීගමුවේ පළමු සහ එකම දමිල නගරාධිපතිවරයා වුයේ විජයරත්නම් මහතාය.ඒ පසුගිය දිනක මිය ගිය ජේයම් විජයරතනම් මහතාගේ ආදරණිය පියාණන්ය.
මිය ගිය ජේයම් විජයරත්නම් මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර  උප නගරාධිපතිධුරයද දරා ඇත.

විජේරත්නම් පරපුර දේශපාලනයෙන් සමුගැනිමෙන් පසු දශක ගණනාවකට මීගමුව මහනගර සභාව නියෝජනය කරන්නට දමිල මන්ත්‍රිවරයයෙක් සිටියේ නැත.මේ පසුබිම තුල විශේෂයෙන්ම ජෙයම් විජේරත්නම් මහතාගේ ඉල්ලිම මත මීගමුව මහනගර සභාවට දමිල ජනයා නියෝජනය කරමින් සජිත් මෝහන් මහතා තේරිපත්වන්නේ වසර 2007 දිය.ගියවසරේ පැවැති මහනගර සභා ජන්දෙයන් දෙවන වරට ඔහු තේරිපත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් දෙවනියට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රිවරයා ලෙසිනි.

මේ අනුව දමිල ජනයා ඔහු පිළිබදව ලොකු බලාපොරොත්තුවක් තබා තිබුන අයුරු දැක ගත හැකි විය.එහෙත් විශේෂයන්ම පසුගිය කාලය තුල සජිත් මෝහන් මන්ත්‍රිවරයා ආණ්ඩ ුපක්ෂය සමගින් ඉතා ලග ඇසුරකට  ගොස් ඇති බව කා අතරත් ප්‍රකට කරුණක් වි තිබුන අතර මේ නිසාම විවිධ වරදාන ලබන්නට ද ඔහු වාසනාවන්ත වි තිබුණි.

විජේරත්න පරපුර යනු ඔවුන්ගේ ධනය පවා සාමාජිය කටයුතු වෙනුවෙන් දායක කළ දේශපාලන පරපුරක ක්‍රියාකාරින්ය.ඒ අයගේ ඉල්ලිම මත දේශපාලනටය පිවිසි සජිත් ඒ පරපුරේ බලාපොරොත්තු ඉටු කරයිද යන්න අද දමිල සමාජය තුල කතාබහට ලක් වෙමින් තිබේ.