අධ්‍යාපන ඇමති අකිලවිරාජ් කාරියවසම් මහතා මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුනු නමුත් අද දින ඔහුට යෙදී තිබුනු වෙනත් කටයුත්තක් නිසා ඔහුගේ සහභාගීත්වය සිදු නොවීය. නමුත් ජාතික ඒකාබද්ධතා, රාජ්‍යභාෂා, සමාජ ප්‍රගති , හින්දු කටයුතු ඇමති මනෝ ගනේෂන් මහතාගේ මැදිහත්වීමෙන් මුල්ගල තැබීම සිදුවිය. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ,පළාත්සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා සහ සජිත් මොහාන්, නාමල් වේවැල් දෙනිය ඇතුළු මීගමුව නාගරික මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇන්ටනි මහතා ඇතුළු රජයේ නිලධාරීන්ද සහභාගි විය. මෙහිදී මුල්ගල තැබීමෙන් අනතුරුව සමරුඵලකය විවෘත කිරීමද මනෝ ගනේෂන් මහතා අතින් සිදුකෙරින.දෙමල භාෂාවෙන් තම කථාව කළ මනෝගනේෂන් මහතා මේ සඳහා ඉතිරිමුදල මෙම ගොඩනැගිල්ල සඳහා ලබාදීමටද පොරොන්දු විය.