මානව හිතවාදියෙකු ,ප්‍රතිභා පූර්ණ සිනමාවේදියෙකු සහ ගායකයෙකු වූ විජය කුමාරතුංගයන් සිහිපත් කරමින් මිනුවන්ගොඩ නගරයේදී “විජය සිනමා” නමින් අලුත්ම සිනමා ශාලාවක් විවෘත වුනා.
වීරසිරි අධිකාරි මහතාගේ සංකල්පයක් අනුව ඉදි වූ මෙම සිනමා ශාලා පරිශ්‍රය ජාතික චිත්‍රපට සංස්ථාවේ රිත්මා මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වනවා.
අති නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත මෙම සිනමාහල හරහා අලුත්ම සිංහල – දමිළ – ඉංග්‍රීසි සිනමාපට රස විඳින්නට ඔබට දැන් හැකියාව තිබෙනවා.