විජේ දාස – කාගේ දාස ද?

0
59

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පසුගියදා  ලංකාව තුළ ක්‍රිස්තියානි දේවස්ථාන 190 ගණනකට   පහර දී ඇති බවට  සංඛ්‍යාත්මකව සිදුකළ හෙළිදරව්කිරීමට එරෙහිව අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය හෙලාදකිමින් අද කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සිවිල් සංවිධාන විසින් විරෝධතාවයක නිරතවන ලදී.   නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් කියන්නට යෙදුන ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් පැය 24ක් තුළ සමාව නොගතහොත් ඔහුව නීතිඥ තනතුරෙන් පහකරන බවට විජේදා රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කොට තිබුණි
කොටුම් දුම්රිය පළ ඉදිරිපිට රැස්වු සිවිල් සංවිධාන මෙන්ම නිදහස් මතධාරීන් මෙන්ම මාධ්‍ය සංවිධාන ද අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශයට විරෝධය පළකරන ලදී. 19366458_766815290168425_7798927178378401127_n

Save