විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන පිලිබද අදහස් විමසීමක් මහජන උපයෝගිතා කොමිසමෙන්..

0
77

9489864-large

විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන හා ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්දයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා හජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව මේ ක්ෂේත්‍රයට අදාල ගැටළු හදුනාගෙන අදාල නියාමන නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සැලසුම් කර ඇත.එහි ප්‍රථම අදියර වශයෙන් ක්ෂේත්‍රයේ ගැටළු හා ඒවාට යෝජනා කරන විසදුම් හදුනාගැනීම සදහා මහජන අදහස් විමසීමක්ද අද සිට ආරම්භ කෙරේ.

මෙහිදී විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන මුහුණපාන ගැටළු,එහි සේවාවන් වලට අදාල ගැටළු,විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන වල සේවාව ලබාගන්නා පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් , මෙම මධ්‍යස්ථාන වල අයකෙරෙන ගාස්තු ආදිය පිලිබදව අදහස් හා යෝජනා ඉදරිපත් කිරීමට ඉඩකඩ සලසා ඇත.

මෙම ලිඛිත අදහස් දැක්වීම් මේ වසරේ ඔක්තෝම්බර් 4 වනදා දක්වා ඉදිරිපත් කල හැකිය.එම අදහස් ඉදිරිපත් කිරීම් පහත සදහන් කරුණු වලට අදාල විය යුතුය.

  • විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන පිලිබද නාමාවලියක් පවත්වාගෙනයාමේ අවශ්‍යතාවය.
  • එම මධ්‍යස්ථාන සදහා සේවා සංග්‍රහයක් සකස් කිරීම.
  • එම මධ්‍යස්ථාන වලින් අයකෙරෙන ගාස්තු පාලනය සහ අනෙකුත් ආරක්ෂණ හා තාක්ෂණ ප්‍රමිතීන් හදුන්වා දීම.
  • විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථානවලසේවාව ලබාගන්නා පාරිභෝගිකයින් මුහුණපාන ගැටළු හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව.
  • නිවාස වල ආරෝපන පහසුකම් පිලිබද ගැටළු.

ඉහත කාරණාවන් සදහා අදාල අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත කල හැකිය. එම ඉදිරිපත් කිරීම් කල හැක්කේ
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,6 වන මහළ,ලංකා බැංකු වෙළද කුළුණ,අංක 28,ශා.මයිකල් පාර,කොළඹ 3. යන ලිපිනයටය. එමෙන්ම

වෙබ් අඩවිය – www.pucsl.gov.lk
කොමිෂන් සභාවේ ෆේස්බුක් ගිණුම හරහා – www.facebook.com/pucsl
ඊමේල් ලිපිනය හරහා – consultation@pucsl.gov.lkතමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවේ.

වැඩිදුර විස්තර සදහා
0772943193 – ජයනාත් හේරත්
අධ්‍යක්ෂක – ආයතන සන්නිවේදන