විදුලිබල මණ්ඩලයේ නොසැලකිල්ල දුමින්දගේ ජිවිතය බිලි ගනී…

0
196


මීගමුව කටුවපිටිය, නුගවෙල පාරේ අංක 146-A නිවසේ පදිංචි කේ. මේරි තුෂාරී මහත්මිය මෙලෙස හැ`ඩු ක`දුලෙන් යුතුව දැඩි වේදනාවක් තම හදවතට තුරුළු කර ගෙන සිටින්නේ මෙතෙක් කාලයන් එනම් වසර 13 වැනි කාලයක් මුළුල්ලේ තම දෑස මානයේම තබා ගනිමින් ආදරයෙන් සෙනෙහසින් හැදු වැඩු තම බාල පුතු හිටි හිටියේම අකාලයේ මිය යෑම හේතුවෙනි.

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා පෙරවරුවේ විදුලි සැර වැදීමෙන් මිය ගිය මීගමුව ශාන්ත මරියා විදුහලේ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි මත්තුමගලගේ දුමින්ද කුසල් දරුවාගේ අකල් මරණය පිලිබදව සවන් වැකුනු පුවත ලද සැණින් අප ඔහු විසු නිවස කරා ගියෙමු.

හාත්පස පරිසරය අදුරු ගුප්ත ස්වභාවයකින් වෙලී ඇති සේය. පෙරදා ප්‍රදේශය සිසරා ධාරාණිපාත වරුසාවක් ඇද හැළුනත් අවට තුරු ලතා පවා තද ඉඩෝරයකට හසු වූ වැනිය . ග තොට හමුවන මුහුණු වල පවා ඇදී තිබුනේ ඉතා දුක් මුසු ශොකීජනක කථා පුවතකි. මිය ගිය දුමින්ද කුසල් දරුවාගේ නිසල දේහය තබා ඇති ඒ නිවසේ සිටි සියල්ලන්ම පාහේ ගැඹුරු නිහඩතාවයක වෙලී සිටී.

මේ ඉන්නේ මාගේ බාල පුතා. අපිට තව වැඩිමල් නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එයාලාට වයස 21 යි. දුලාන් සහ දුලාජ් ඒ දෙන්නා දුමින්දට හරි ආදරෙයි. මාගේ මහත්තයා මත්තුමගලගේ රංජිත් ප්‍රනාන්දු .අවුරුදු 05 ක් විතර ඉදලා එයා ඉතාලියේ රැකියාවක් කරනවා. එහේ

රැකියාවට ගියාට පස්සේ එයා එක වතාවයි ලංකාවට ආවේ. ඉතින් පුතාලා තුන් දෙනයි මමයි මේ ගෙදර හිටියේ. දැන් හෙට අනිද්දා මාගේ මහත්තයා ආයේ ලංකාවට එන්නේ අපේ බාල පුතාගේ මරණයට එයා ආවාහම බාල පුතාට වෙච්ච දේ ගැන කොහොම වි දරා ගනීද

 

සමාන්‍යයෙන් පුතා උදේ පාන්දරම නැගිටිනවා. එදා 17 වැනිදාත් පුතා උදේ පාන්දරම නැගිටලා මුහුණ කට හොදා ගෙන ස්කෝලේ යන්න සුදානම් වුනා. පුතාට මම ම කෑම උයලා හදලා දෙන්න ඕනෙ. මොකද එයා උදේට කන්න ගෙදරින් කෑම අරගෙන යනවා. එයා වැඩිය කඩවල් වලින් කෑම කන්න ආශා නැහැ. මම පුතාට වෙනදා වාගේ කෑමත් පිලියෙල කලා. එදා උදේ පාන්දර ඉඳලම අකුණු ගහලා මහා වැස්සක් වහින්න පටන් ගත්තා. ඒ මහා වැස්ස පැය කිහිපයක් යනකම් ටිකක්වත් අඩු වුනේ නැහැ. මෙහෙම ඉන්න කොට පුතා යාඥා කරනවාත් මට ඇහුනා. එයා ඉංග්‍රිරසියෙන් යාඥා කරන්නේ බොහෝම සද්දෙට. එයා මඟ බලාගෙන හිටියට එයාව ඉස්කෝලෙට ගෙනියන්න ස්කූල් වෑන් එක ආවේම නැහැ. නමුත් සැහෙන වෙලාවක් ගියත් වෑන් එක නොඑන නිසා පුතා ඇවිත් මගෙන් ඇහුවා අද මම ඉස්කෝලේ යන්නේ නැතිව ගෙදර ඉන්නද කියලා. වැස්ස තිබුන හන්දා මම ඒකට විරුද්ධ වුනේ නැහැ. ඊට පස්සේ පුතා ඇවිත් අම්මේ මම උදේට කන්නද කියලත් මගෙන් ඇහැව්වා. එහෙම අහලා එයා උදේට කෑම කැවා.

පුතාට ගෙදරට ඇවිත් ඉංග්‍රිසි උගන්වන සර් එන දවස එදා. හැබැයි එදා පුතා හරිම සතුටින් හිටියේ මොකද සර් දුන්න ඩික්ටේෂන් වචන 24 න් 24 ම හරි යි කියලා. එයා මටත් ඒක ඇවිත් කිව්වා. එයා මට ඇවිත් කි්ව්වා, අම්මේ ඔයත් මට හොදයි කියන්කෝ කියලා. පස්සේ මම එයාට ගුඩ් (හො`දයි) කියලා කිව්වා. එච්චරද මට ඔයා දෙන්නේ කියලා ආපිට පුතා මගෙන් ඇහැව්වා. ඉතින් මාව සිප ගන්නේ නැද්ද කියලත් එයා මගෙන් ඇහැව්වා. මම හිනහ වෙලා ඒ වෙලවේ පුතාව සිප ගත්තා. ˜

දස මාසයක් කුස තුල හොවා මෙලොවට බිහි වූ පසුවද තම ලේ කිරි කර පොවා ඇති දැඩි කල ආදරනීය මවක් තම ආදරනීය පුතුව සෙනෙහසින් සිප ගෙන හොරාවක් ගත වෙන්නටත් මත්තෙන් ඒ පුතු නොසිතූ ලෙස අකල් මරණයකට ලක්වීම කෙතරම් ඛේදනීයද ? කෙසේ නම් ඒ දුක්ඛ දොම්නාසයන් ඇය වි`ද දරා ගනීද ? ඇගේ හැ`ඩුම් ස්වරය නැවත උස් හ`ඩින් ඇසෙන්නට විය.

ඒ හැ`ඩුම් ස්වරය යම්තාක් දුරකට පාලනය කර ගනිමින් ඇය සිය කටහ`ඩ අවදි කලාය.

මම ඒ වෙලාවේ පුතාගෙන් ඇහැව්වා මගේ පුතාට මොනවාද ඕනේ කියලා. මට ඉස්සරහ රුවන් මාමාලාගේ බේකරියෙන් පේස්ටී්‍ර ගෙනත් දෙන්න කියලා, එයා ඒ වෙලාවේ කිව්වා. මම එයාට විතරක් පේස්ටි්‍ර ගන්න සල්ලි දීපුවාහම, එයා මටයි, අයියලා දෙන්නටත් එක්්කම තමයි පේස්ටී්‍ර ගෙනත් තිබුණේ. මගේ පුතා අම්මටයි තාත්ටයි අය්යලා දෙන්නටයි හරිම ආදරෙන් තමයි සැලකුවේ. ˜

අපරිමිත මව් සෙනෙහසේ නාමයෙන් සිය පුතු වෙනුවෙන් ගලනා ක`දු`ඵ බි`දු සිය ගනනක් ඇගේ දෙනෙතින් රූරා වැටෙන්නට විය.

පැය 03 ක් විතර එක දිගට අකුණු ගගහා වැහුපු වැස්සට අපේ මේ පාරවල් ඔක්කොම වාගේ යටවෙලා තිබුනා. ඒක හන්දා අහල පහල ගෙවල් කිහිපයකටම වතුරත් දාලයි තිබුනේ. අපේ අසල්වැසි ගෙදරකටත් වතුර දාලා තිබුනා. ඒ ගෙදර බඩු මුට්ටු ටික ගන්න මම ත් ගිහිල්ල උදව් වෙනන්ද කියලා පුතා මගෙන් ඇහැව්වා. මම පුතාට යන්න කිව්වා . මේ පුතා අනුන්ට හරියට උදව් කරන්න , පිහිට වෙන්න කැමති කෙනෙක්. කාට හරි කරදරයක් සිදු වුනාම මඟහරින්නේ නැතිව පුළුවන් විදිහට එයා උදව් කරනවා. එයා ඇත්තටම හොඳ දරුවෙක්. ඒකයි එයාට ගමේ අයත් හරි ආදරේ.

ඒ වැස්ස, ඒ වෙලාව වෙද්දී හොඳටම නතර වෙලයි තිබුනේ. අසල්වැසි නිශාන්ති ඇන්ටිලාගේ ගෙදර බඩු අස්කරලා දීලා එන්නම් කියලා පුතා යනකොට උදේ 10.00 ට විතර ඇති. පැය භාගයකට පස්සේ ඒ කියන්නේ 10.30 ට විතර කෙනෙක් ඇවිත් කිව්වා ඔයාලාගේ පුතාට කරන්ට් එක වැදිලා කියලා. මම එතනට කොහොම ගියාද කියලා කියන්න මම නම් දන්නේ නැහැ. මම පිස්සුවෙන් වාගේ දුවගෙන ගියා, එතැනට. මම දුවගෙන යනකොට දැක්කේ පුතාගේ කකුල් දෙක විතරයි. එයාගේ මුහුණවත් , ඔලූවවත් මට පෙනුනේ නැහැ, වතුරට යටවෙලයි තිබුනේ. කාටවත් පුතාව උස්සලා ගන්න විදිහක් නැතිවයි හිටියේ. වතුරේ කරන්ට් එක තියෙනවා කියලා එතැන හිටපු හැමෝම කෑගහන්න ගත්තා. ඒත් මට මාගේ පුතාව කොහොම හරි වතුරෙන් උස්සලා ගොඩට ගන්නයි උවමනා වුනේ. මගේ ලොකු පුතාත් එක්ක වතුරට ලංවෙද්දීම මටයි, ලොකු පුතාටයි, එතැන හිටපු මාගේ තාත්තටයි කරන්ට් එක වැදුනා. ඔය අතරේදී කිහිප විටක්ම එතැන හිටපු කිහිප දෙනෙක්ම කරන්ට් එක විසන්ධි කරන්න කියන්න, මීගමුවේ විදුලි බල මන්ඩලයට ටෙලිෆෝන් කරලා තිබුනා. හැබැයි ඒ එක වතාවකදීවත් මීගමුවේ, විදුලි බලමන්ඩලයේ කවුරුවත් ටෙලිපෝන් එකට ආවේ නැහැ , කෝල් එක ගන්නවත්. පැය භාගයකට විතර පස්සේ බැරිම තැන එතැන හිටපු දෙන්නෙක් මෝටර් සයිකලයක් අරගෙන විදුලි බල මන්ඩලයට ගිහිල්ලාම තමයි මේ විත්තිය කියලා තිබුනේ. ඔය අතරෙදි මගේ ලොකු පුතෙක් ගෙදරට දුවගෙන ඇවිත් ගෙදර තිබුන කාර් එක අරගෙන ගිහින් වතුරේ වැටිලා හිටිය පුතාව අරගෙන ඉස්පිරිතාලෙට ගෙනාවා. ඒත් ඒ වෙනකොටත් අනේ මාගේ පුතා අපිව දාලා ආයෙත් නොයෙන්නම ගිහින් තිබුනා. ˜

ඒ අවස්ථාවේ ඇයගේ සිහින් ඉකි බි`දුම විනාඩි කිහිපයක් පුරාවටම වඩාත් දැඩිව ඇසෙන්නට විය.

අසල්වැසි නිශාන්ති ඇන්ටිලාගේ නිවසේ බඩු මුට්ටු ජලයෙන් ආරක්ෂා වන සේ වෙනත් ස්ථාන වල තැබීමට ඔවුනට සද් සිතින් යුතුව උදව් උපකාර කල දුමින්ද කුසල් ට එහිදී තවත් යාහළුවන් දෙදෙනෙකු හමු විය. ඔවුන් සමඟින් කෙසෙල් කොට කපා ගෙනවිත් කුඩා පාරුවක් තනා ගෙන ජලය පිරිගිය අතුරු පාර අවට පැද විනෝද වන්නට ද විය. මේ කුඩා කෙසෙල් කොට පාරුව එක් අවස්ථාවකදී පාලනය කර ගත නොහැකි වූ විට ළඟ තිබු විදුලි කනුවෙන් එල්ලා වැටෙමින් තිබු විදුලි රැහැනට දුමින්ද අත ගැසීය. සිදු වුයේ විදුලි සැර වැදී දුමින්දව ජලයට වැටීමය.

මාගේ පුතා හොදට ඉගෙන ගෙන ලංකාවේ හොද රැකියාවක් කරන්න් බැරිව ගියොත් තාත්තා එක්ක ගිහින් ඉතාලියේ හරි හො`ද රැකියාවක් කරන්න තමයි එයා බලාපොරොත්තුව හිටියේ. අපි ඒ කියන්නේ මමයි , පුතාලා තුන්දෙනයි කොහොමත් ලදීම ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියේ .ඒකට පුතාගේ පාර්ස් පොට් හදන්න ෆොටෝත් අරගෙන ආවා, මේ ඊයේ පෙරේදා ගිහිල්ලා. ඒ පාර්ස් පෝට් හදන්න ගෙනාව ෆොටෝ එක තමයි අද පුතාගේ මරණ දැන්වීමටත් දාලා තියෙන්නේ. ˜

සියල්ල සිදු වී හමාරය. නමුදු අවාසනාව යැයි බැහැර කල නොහැකි හේතු සාධකයක් මේ අවසනාවන්ත අකල් මරණය තුල සැගව පවතී. එනම් ප්‍රදේශවාසීන් පවසන ආකාරයට නොසැලකිලිමත්ව සහ අකාර්‍යක්ෂමව කටයුතු කල විදුලි බල මන්ඩලයේ මීගමු ශාඛාවෙන් සිදු වූ අතපසුවීම මේ මරණයට කිසිදු වගකීමක් නැතැයි යනුවෙන් බැහැර කල හැකිද?

විදුලි බල මන්ඩලය වැනි සමස්ථ මහජනතාවටම වගකිව යුතු සහ මහජන හිතසුව පිනිස සේවා සපයන්නට බැදී සිටින ආයතනයක අපරීක්ෂාකාරීභාවය මෙම මරණයට සෘජු ලෙසම වගකිව යුතු බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

මීගමුව පුරවරය පුරාවටම මෙවන් අනාරක්ෂිත විදුලි රැහැන් ඇති ස්ථාන තවත් බොහෝ තිඛෙන්නට පු`ඵවන. එවනි අති අනර්ථකාරී ස්ථාන පිලිබ`දව වගකිවයුත්තන් විසින් ඉක්මන් අවධානයක් සහ මැදිහත්වීමක් සිදු නොකරන තාක් මෙවැනි අවසනාවන්ත සිදුවීම් ම`ගින් තවත් දුමින්දලා සිය ගනනකගේ ජීවිත අපට අහිමි වී යනු වැලැක්විය නොහැකි වනු ඇත.