විදුලි සංඥා නැති, මුරකරුවෙකුත් නැති කට්ටුවේ මරාන්තික රේල් ගේට්ටුව ?

0
688

 

 

ගේට්ටුව 8( 9.30 am ) කට්ටුව දුම්රිය පළට යාබදව ඒත්තුකාල පාර හරහා  ඇති දුම්රිය හරස් මාර්ගය විදුලි සංඥා නැති, මුරකරුවෙකුත් නැති  මාරයා ලඟින තැනක් බවට පත්ව තිබේ.
අවට ප්‍රදේශවාසින් මෙන්ම ඒ හරහා යන එන අයද පවසා සිටින්නේ මේ සැබැවින්ම අනතුරුදායක තැනක් බවය.
අවට වල්බිහිවි ඇති හෙයින් මේ දුම්රිය මාර්ගය පවා හරි හැටි පෙනෙන්නේ නැත.
මුරකරුවෙකු වෙන් වෙනම කුටියක් තනා තිබුනද දැනට කාලය සිට මුරකරුවෙකු නැත.මාරාන්තික අනතුරු කිපයක්ද සිදුව ඇති මෙම ස්ථානය හරහා මිගමුවේ සංවාරක කලාපය කරා යන එන වාහන රැසකි.
මෙයට කඩිනමින් පිළියම් යෙදිම අදාල බලධාරින් ප්‍රධාන වගකිමකි.එහෙත් ලංකාවේ බහුතරයක් බලධාරින්ගේ ඇස් ඇරෙන්නේත් ප්‍රකාශ හා නියෝග නිකුත් කෙරෙන්නේත් දැවැන්ත ඛේදවාකයන්ට පසුව විම රටේම ඇති අවාසනාව වි තිබේ