විදුහල්පතිධූරයෙන් සමුගත් එම්. ඉසෙඩ්  සහාජාන් මහතාට  උපහාර

0
258

WhatsApp Image 2024 10 23 at 11.36.15 6f970719

මීගමුව වැලිහේන රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර නවයහමාරක් සේවය කල එමි.ඉසෙඩ්.සාජහාන් මහතා පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා  විදුහල්පති ධුරයෙන් විශ්‍රාම ගියේය.
ඔහුගේ එම විශ්‍රාම යෑම නිමිති කරගෙන පසුගිය 22 වැනි අඟහරුවාදා  (22/10;2024) දින එම පාසලේ විදුහල්පති එම්. ආර්.  ෆිලීෂියන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම්.ඉසෙඩි .සාජහාන් මහතා වෙනුවෙන්  සමුගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.
එලෙසම ස්ථාන මාරුවීම් ලැබූ තවත් ගුරුවරුන් දෙදෙනකුට ද මෙම උත්සවයේදී උපහාර පිරිනැමිණි.
මෙම උපහාර උත්සවය පාසලේ විදුහල්පතිවරයා මෙන්ම  ගුරුවරුන් , ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුළු සෑම දෙනෙකුම එක්ව සංවිධානය කර තිබිණි.   මීගමුව අධ්‍යාපන කලාපයේ පීඨ උපදේශිකා කාංචනා සිවකුමාර් මහත්මිය ද මෙම උපහාර උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
මෙම උත්සවය සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ කලා සංදර්ශන කිහිපයකින්ද වර්ණවත් විය .
තවද  විදුහල්පති ධුරයෙන් විශ්‍රාම ලැබූ එම්.ඉසෙඩ්. සාජහාන් මහතාට පාසල වෙනුවෙන් සිසුන් සහ දෙමාපියන් විසින්  සිහිවටන සහ තිළිණ   ප්‍රදානය කිරීමක්ද සිදු විය.
WhatsApp Image 2024 10 23 at 11.35.40 8af71ba6 WhatsApp Image 2024 10 23 at 11.36.18 c4a31e87 WhatsApp Image 2024 10 23 at 11.36.17 f88c2042 WhatsApp Image 2024 10 23 at 11.36.17 1dce2dbe WhatsApp Image 2024 10 23 at 11.36.16 5b3bbb5d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here