විදුහල්පතිනිය රැකගැනීමට දෙමව්පියන් පාසල වටලයි

0
88

මීගමුව – වැල්ලදිය සාන්ත සෙබස්තියන් විදුහල ඉදිරිපිට අද උදෑසන යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.  විදුහලේ සිසු සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක්  රැස්වී  තිබුණේ  විදුහල්පතිනිය හදිසියේ පාසලෙන් ඉවත් වන බවට ලැබුණ ආරංචිය නිසා බව ප්‍රදේශයෙන් වාර්තා විය. මෙසේ ගරු විදුහල්පතිනිය විදුහලෙන් ඉවත්වීමට තීරණය කර තිබුණේ පාසලේ දරුවන් හට කළ දඩුවම්දීමක් සම්බන්ධයෙන් දෙමාපියන් විසින් විදුහල්පතිනිය පිළිබදව  මීගමුව  කලාප අධ්‍යාපන කාර්යාලට පැමිණිලි කිරීම හේතුවෙනි. මේ නිසා විදුහල්පතිනිය ගත් තීරණය පාසලට විශාල පාඩුවක් වන බවට තේරුම් ගත් පාසලේ දෙමාපියන් ඊයේ රාත්‍රියේ සිටම විදුහල අසල රැදී විදුහල්පතිනියගේ පාසලෙන් ඉවත්වීම වලකා ලීමට උත්සාහා දරා ඇත.  අද පෙරවරුවේත් මේ ආකාරයට දෙමාපියන් රැස්වී පාසලට පැමිණ පාසලෙන් ඉවත්ව නොයන ලෙසට විදුහල්පතිවරියගෙන් ඉල්ලා සිටි අතර,පසුව අධ්‍යාපන නිලධාරීන් හා පොලීසිය මෙන්ම සහ තවත් වගකිවයුතු නිලධාරීන් පැමිණ මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය සමග සාකච්ඡාවක් පවත්වා ඇත.
දෙමාපියන් ඉදිරියට පැමිණි විදුහල්පතිවරිය පවසා ඇත්තේ තමන් පාසල හැර නොයන බවයි. මෙම ප්‍රකාශයෙන් පසුව අත්පොළසන් දුන් දෙමාපියන් පාසලෙන් පිටත්ව ගොස් ඇත.
ප්‍රදේශයේ දෙමාපියන් පවසන්නේ විදුහල්පතිනියගෙන්  පාසලට ලැබෙන සේවය ඉතාමත් අගේකළ යුතු හා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමක් ඇයගෙන් සිදුවන නිසා මෙම විදුහල්පතිනය තම පාසලට අවශ්‍ය බවයි. මේ වෙනුවෙන් ඔවුන් අද පාසල අසලට  පැමිණ මෙම ප්‍රශ්නය විසදෙන තෙක් රැදී සිට ඇත.DSC02737