විදුහල්පති පියතුමාගේ තෑග්ගට පාසැල් සංවර්ධන සමිතිය සම්බන්ධ නැතිලු ?

0
116

giftමීගමුවේ එක්තරා කතෝලික විදුහල්පති පියතුමෙකුගේ විදුහලෙන් සමුගැනිමේ සාදයක් වෙනුවෙන් පාසැලේ දෙම්ව්පියන් විසින් මුදල් එකතුකරනවා මිස එයට පාසැල හෝ පාසැල් සංවර්ධන සමිතිය කිසිම ලෙසකින් සම්බන්ධයක් නැතැයි අප අමතා කථා කළ පාසැල් සංවර්ධන සමිතියේ නිළධාරියෙකු පැවැසිය.
ඔහු තවදුරටත් කියා සිටියේ මේ මුදල් එකතු කිරිම ගැන විදුහල්පති පියතුමා කිසිවක් නොදන්නා බවය.
එහිදි අප මතු කර සිටින්නේ  විදුල්පති පියතුමෙකු නොදැන පාසැලේ පංතිකාමරයක් තුල මුදල් එකතු කරන්නට බලය දි ඇත්තේ කව්ද යනුවෙනි.එමෙන්ම පංතිකාමරයක් තුල දහස් ගණනින් මුදල් එකතු කරන්නට පාසැලේ ගුරුමණ්ඩලයද නොදැන සිදුවිය හැකිද යනුවෙනි.
කෙසේ වෙතත් අදාල පාසැල් සංවර්ධන සමිතියේ නිළධාරි මහතා පවසා සිටියේ දෙමව්පියන් විසින් මේ මුදල් ස්ව කැමැත්තෙන්ම එකතු කරන්නේ විදුහල්පති පියතුමාට තෑග්ගක් ලබාදිම සදහා නොව සමුගැනිමේ සාදයක් පැවැත්විම වෙනුවෙන් බවය.
දැනට වාර්තා වන අන්දමට මේ මුදල් සම්මාදම තුල බහුතරයක් දෙමව්පියන් රු 2000 කට වැඩියෙන් ලියා ඇත.එමෙන්ම රු 10000 ක් සහ ඊටත් වැඩියෙන් ලබාදුන් අයද සිටින බව අප ආරංචි මාර්ග සදහන් කර සිටි.
සමුගෙන යන විදුහල්පති පියතුමාට සමුගැනිමේ සාදයක් පැවැත්විම හෝ තෑග්ගක් අරන් දිම මාධ්‍යයකට පුවතක් නොවේ .
එහෙත් එය දෙම්ව්පියන්ට අමාරුවෙන්  දෙන මුදලක් වු විට සහ එහි මුළු එකතුව මිලියන ගාණක් වන විට එය මාධ්‍යයට පුවතක් විමට ඕනෑතරම් හේතු  තිබේ.
කෙසේ වෙතත් අප අමතා කථා කළ පාසැල් සංවර්ධන සමිතියේ නිළධාරින් ඉදිරියේදිද මේ සමුගැනිමේ සාදය ගැන සහ එහිදි එකතු වු මුදල් ගැන අපට කියනු ඇතැයි විශ්වාස කරමු.