විදෙස් සංචාරකයන්ගෙන් අයකල වැට් බදු නැවත ගෙවන කවුළු අද සිට.

0
100

විදේශ සංචාරකයින් මෙරටින් මිළදී ගන්නා භාණ්ඩ රැගෙන යාමේදී වෙළෙද ආයතන අය කළ වැට් බද්ධ ආපසු ගෙවීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැට් බද්ද ආපසු ගෙවීමේ කවුළුව අද දිනයේ සිට කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘත වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ආසියාවේ වෙළද කේන්ද්‍රස්ථානයක් කිරීම සදහා 2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමින් මෙරටට විදේශීය සංචාරකයන් ආකර්ශණය කිරීම සදහා වන යොධ පියවරක් වශයෙන් මෙම කවුළුව ක්‍රියාත්මක වෙනු ඇති.

දේශය ආදායම් දෙපාර්තමේන්තුව මගින් මෙම මුදල් ගෙවීම සිදුකරන අතර රේගු දෙපාර්තමේන්තුවේ ද සහාය ඊට හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here