විදේශගත ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න, විවාහ සහ මරණ සහතික එම රටවලින් ම…

0
42
whatsapp sharing button
messenger sharing button
( 9.00 am ) විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ

සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම් අද (06) ආරම්භ විය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අනුවය.

ඒ අනුව තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති අතර ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික සහතික ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය පැවසුවේ මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති බවය.

ඒ අනුව මීට අදාළ වෙබ් අඩවිය මෙම වෙබ් අඩවිය අමාත්‍ය විජිත හේරත් අතින් අද විවෘත විය.

නියමු ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජ, රෙජිට්‍රාර් ජනරාල් ඩබ්.ආර්.එන්.එස් විජයසිංහ, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් (පරිපාලන හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු) ජී.ජී.එස්.සී. රෝෂන සහ විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here