මෙම පෙත්සම් වලින් සහ ඉතාලියේ එතෙර අපි සංවිධානයේ නියෝජිතයන් සහ රෝමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා අතර හමුවේදී අවධාරණයට ලක්වූ කරුණු අතර නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සදහා ගන්නා මාස තුනක කාලය වෙනුවට කෙටි කාලයක් තුළ නිකුත් කිරීම, තානාපති කාර්යාලයේ සේවය ඉරුදිනවලත් ලබාගැනීම, අවම වශයෙන් මාස තුනකට වරක්වත් මෙස්සිනා නගරයට තානාපති කාර්යාලයේ ජංගම සේවය ලබා ගැනීම, මරණයකදී හෝ වෙනත් හදිසි අවස්ථාවකදී ප්‍රමුඛතාවය ලබාදෙමින් තානාපති කාර්යාලයේ ක්‍ෂණික මැදිහත්වීම, තානාපති කාර්යාලයට දුර බැහැර සිට පැමිණෙන අය හට ප්‍රමුඛතාවය ලබාදීම, තානාපති කාර්යාලයේ ආකෘති පත්‍ර ආදිය පිරවීමේදී සිදුවන අඩුපාඩු මගහරවා ගැනීමට අවශ්‍ය සහය ලබාදීම ආදිය ඇතුළත් විය.
දිල්ශාන් ක්‍රිෂාන්ත – මෙස්සිනා