විදේශගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක් ලබන ජනවාරියේ සිට..

0
41

විදේශීයගත ශ්‍රමිකයන් සදහා යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. 2015 වසරේදී කැබිනට් අමාත්‍යවරුන් විසින් පත් කරන ලද කමිටුවක් මගින් විදෙස් රටවල් වල රැකියාවේ නියුතු ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලද අතර එම නිර්දේශයන් වලට අනුව විදේශරැකියා පිලිබද පණතේ අවශ්‍යය වෙනස්කම් කිරීමෙන් අනතුරුව මෙලෙස නිර්දේශිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍ර්‍රියාත්මක කරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය ඉල්ලා සිට තිබෙන බවයි වාර්ථා වන්නේ.

ඒ නිසාම තමන්ගේ ශ්‍රමය වැය කරමින් විදේශයන්හි රැකියාවෙහි නිරත සියළුම පිරිස් වෙත විශ්‍රාම වැටුපක් ලබා දීමේ යහපාලන පොරොන්දුව ඉටුවන ලකුණු පිලිබදව බලාපොරොත්තු තබාගතහැකි වනු ඇති.

Sri-Lanka-Bureau-of-Foreign-Employment_52-415x260

www.news.lk ඇසුරිණි.