”විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි – ඒක අයිතිවාසිකමක්”

0
113

              11013458_748315701933139_7492643216093617348_n             ජනතා විමුක්ති පෙරමුණ ඉතාලි ශාඛාව සම්බන්ධීකාරක  සුදත්  අධිකාරී මහතා සමග කළ කළ සංවාදයකි.

 ජනවාරි 08 න් පසු බිහි වූ යහපාලන ආණ්ඩුව ගැන ඔබේ අදහස කුමක්ද? එහිදී විදේශ ගත  ශ්‍රි ලාංකිකයන් වශයෙන් කළ කාර්යභාර්ය කුමක්ද ?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා පසුගිය ජනාධිපතිවරණය කැඳවූයේ තමන් නිසැකව ජයග‍්‍රහණය කරන මතයේ සිටගෙනයි. නමුත් ඒ වන විට රටේ පැවතුනු වියරු ඒකාධිපති පවුල් පාලනය හා  ප්‍රජාතන්ත්‍රවාදය  නැති කළ රටේ ජනතාවගේ ධනය කොල්ල කාපු රාජපක්ෂ පාලනය පලවා හැරිය යුතුයි කියන අධිෂ්ඨානය පසුගිය 08 වනදා රටේ ජනතාව ප‍්‍රකාශ කළා. විශේෂයෙන්ම එහිදී ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකලත් හිටපු ජනාධිපතිවරයා පළවා හැරීමට පළමු වෙඩි මුරය තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණය.
විදේශ ගත ශ්‍රි  ලාංකීකයන් පවා මහින්ද පාලනයට විරුද්ධව පෙළ ගැසුනාඒක අපි දැක්කා.අපි දියත් කරපු රැස්වීම් හා මහින්ද විරෝධි මතයක් ගොඩනැගීමේ දී ඒක් පක්ෂ බේදයකින් තොරව මිනිසුන් ඇඳී ආවා. එහිදී ජනතා විමුක්ති පෙරමුනේ රැස්වීම් වලට පවා වෙනත් පක්ෂ වල සමාජිකයින් අවා.විශේෂයේන්ම පිටරටවල ශ්‍රි  ලාංකීකයන් බොහොමයකට ලංකාව ගැන හා
ලාංකීය දේශපාලනික ආර්ථික තත්වය පිලිබඳ අවබෝධයක් හා කුතුහලයක් තියනවා.ඒ නිසා මහින්දගේ පාලනයට එරෙහිව තම මතය  නැගුනා.
   විදේශගත ශ්‍රි ලාංකීකකයන් ගැන ජනතා විමුක්ති
පෙරමුණේ කාර්්‍යභාරය ගැන සෑහීමකට පත් විය හැකිද?

විදේශ ගත අපියි  ලංකාවේ ඉන්න අයයි මුහුණ දෙන ප්‍රශ්ණ පොදුයි. අපේ රටේ කලින් පාලනය කළ පාලකයෝ රට හරියට හැඳුවානම් අපි අද මේ රටවල් වල දුක් විඳින්නේ නැහැ. ඒ ආර්ථික ප්‍රශ්ණයක්  තමා ලංකාවේ ඉන්න අයටත් තියෙන්නේ. එහිදී ජනතා විමුත්ති පෙරමුණ කරන්නේ සැමගේම සාධාරණය වෙනුවෙන්  හඬනැඟීමක් වෙන කිසිඳු දේශපාලන පක්ෂයක් විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැතිතරම් නමුත් ඡන්ද කාලෙට විතරක් කතා කරනවා, නමුත් අපේ  සුනිල් හදුන්නේත්ති සහෝදරයා විදේශගත ශ්‍රී  ලාංකීකයන්ගේ ඡන්ද අයිතිය ගැන පාර්ලිමේන්තුවේ කතා කළා, විවිධ රටවල් වල ලාංකීකයෝ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා, විශේෂයෙන්ම කොරියාවේ මෑතකදී ආ විශ්‍රාම වැටුප් ගැන ප්‍රශ්නයට මැදිහත් වුනේ ජනතා විමුක්ත්ති පෙරමුණයි. ඒක ප්‍රමාණවත් නැහැම කියන්නත් බැහැ. නමුත් තව දුරටත් වර්ධනය කළ
යුතුව තියනවා, කියන එක පිළිගන්නවා සෑහීමකට පත් වෙනවා නමුත් තව වර්ධනය විය යුතුයි.   කියන දේ තමා මගේ අදහස. නමුත් මේ පාලනය තුලත්  මේ ප්‍රශ්නය තියනවා දිගටම.

කාන්තාවන් මැදපෙරදිග සේවයේ යෙදවීම ගැන ජවිපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු සටහනක් නැහැ. මෙයට හේතුව කුමක්ද?
අගොස්තූ 01 වෙනිදා අනුර සහෝදරයා සමඟ විදේශගත ශ්‍රී ලාංකීකයන් පැවති රැස්වීමේදීත් කිව්වා පිටරට එවන සේවය ගැන. ඇත්තටම මේ වහල් සේවයටනේ මේ පිටරටවලට එන්නේ.  ඔහුගේ යෝජනාව වෘත්තිය සුදුසුකම් යටතේ විදේශගත වීමට සලස්වන වන බවයි. එහිදී ඔවුන්ට වෘත්තිය අයිතිවාසිකම් දිනාගත හැකියි.

  විදෙස් ගත ශ්‍රී ලාංකීකයන්ගේ  විශ්‍රාම වැටුපක් ගැන ඔබේ අදහස කුමක්ද?
අපි විශ්වාස කරන දේ රජයේ සේවකයන්ට වගේම පෞද්ගලික සේවකයන්ටත් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි. විදේශගත ශ්‍රී ලාංකීකයෝ විදේශගත වෙලා තියෙන්නේ තමන්ගේ පවුලට විතරක් කරගන්න නෙමේ නේ. ඒ හරහා මේ රටටම  විදේශ විනිමය උපයල දෙනවා.   ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකීකයන්ටත් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුය.  ඒක අයිතිවාසිකමක්.

    ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලී ශාඛාව කෙටි සටහනක් තැබුවොත්?

මම මේ ඉතාලියට එන්නේ 87, 89 මර්ධනයත් එක්කයි. ඒ වන විට ඉතාලියේ ක්‍රියාත්මක නොවුනු ජනතා විමුක්ති පෙරමුණට සහය පළ කල පිරිසක් හිටියා. එය සංවිධානයක් විදියට ක්‍රියාත්මක නොවුනත් සමහර නගර වල ජනතා විමුක්ති පෙරමුණ හඩ නැගීමට පිරිසක් සිටියා. ලොකු උද්ඝෝෂණ පවා කරලා තිබුනා.  අපි එන කාලේ වෙනකොට පක්ෂයත් මර්ධනයට ලක් වෙලා තිබුනේ. අපි මෙහෙට ඇවිල්ලා සම්බන්ධකම් ගොඩනඟ ගෙන තමා අයේ සංවිධානය වුනේ.
11141307_751449938286382_3552333765527117047_n
විශේෂයෙන් මිලානෝ, නාපෝලී
,රෝමයේ නගරවල තමා සංවිධානය වුනේ. 94 දි තමා ප්‍රසිද්ධ දේශපාලනය ආරම්භ කළේ. මේ වන විට  විවිධ  නගර වල කමිටු තියනවා. ප්‍රධාන නගර වල වගේම
සිසිලියේත් සිරිකුසා කතානියා,මසීනා මෙන්ම උතුරු ඉතාලියේ මෝදනා, වෙරෝනා, ෆිරෙන්සි
කෝමෝ, බ්රේන්සියා  යන නගර වලත් පැතිරිලා තියනවා.

දේශපාලන සංවිධානයක් හැටියට  විදේශයක සිට ක්‍රියාත්මක වෙමින් ඔබ සංවිධානය ලබා ගත් ප්‍රතිඵල මොනවාද?
විවිධ හේතූන් මත විදේශගත පිරිස් ඉන්නවා. දේශපාලන හේතුන් මත මෙන්ම විශාල වශයෙන් ආර්ථීක හේතූන් මත විදේශගත වෙලා තියෙනවා.  බහුතරයකගේ මතය නැවත ලංකාවට ගොස් ජීවත් වීමයි. නමුත් විවිධ හේතූන් මත බොහෝ පිරිසක් යන්න බැරි වෙලා තියනවා. එතකොට මේ අය රටට ආදරය කරන රටේ වෙනසක් ප්‍රාර්ථනා කරලා තියනවා. ඉතින් ඒ අය විශාල බලපෑමක් කරන්න පුලූවන් බලකායක්.
ඒ බලකාය සංවිධානය කිරීම එක පැත්තක. අද රටේ නැති වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රබල හඬක් නගන්නේ විදේශගත ශ්‍රී ලාංකීකයන්ගෙන් මෑතකාලය තුල රාජපක්ෂ පාලනයේ  ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙද්දී මේ රටවල් තුළ තානාපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බල කිරීමටප්‍රබල සංවිධාන ජාලයක් ගොඩනැගීමට පුලූවන් වෙලා තියනවා.  ජනතා  විමුක්ති පෙරමුණ  පහත් මානසිකත්වයකින් දේශපාලනය කරන්නේ නැහැ. අපේ අරගලය කියන්නේ ලෝකයේ වැඩ කරන ජනතාව, දුක් විදින ජනතාව වෙනුවෙන් විමුක්තිය    වෙනුවෙන් පෙනී සිටීමයි.

 එළඹෙන මැතිවරණය සඳහා මේ වන විට ක්‍රියාත්මක වන වැඩසටහන් මොනවාද ?

මේ මැතිවරණය හරි තීරණාත්මකයි. අවුරුදු 05න්  05ට ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 33 බැගින් පාලනය කළා. අවසාන ප්‍රතිඵලය හොඳ එකක් නෙමේ. ආර්ථීක වශයෙන් රට වැටිලා තියෙන්නේ ප්‍රජාන්ත්‍රවාදයද පිරිහීමකට ලක්වෙලා හැම පැත්තෙන්ම රට ආගාධයට වැටිලා. නමුත් ජනවාරී 08 ජනතාව ගත් තීරණය සුවිශේෂි එකක්. එහිදී ජනතාව විතරක් නොවේ ප්‍රගතිශීලී කළාකාරුවෝ ,බුද්ධිමතුන් වෘත්තිකයන්  පෙළගැසුනා. අලූත් විදියකට හිතන ජනතාවක් පත් වුණා. ජනතාවගේ වෙනස් වීමක් මෑතකාලයේ දක්නට ලැබෙනවා.

විදේශගතශ්‍රී  ලාංකීකයන්ට මෙන්ම සමස්ථ ලාංකීකයන් වෙනුවෙන් ඔබට කීමට ඇති දේ කුමක්ද?

අවුරුදු 67ක් තිස්සේ අපේ රටේ පාලකයෝ තට්ටු මාරූ දේශපාලනයක් තිබුනේ. ඒ අය රට කොතනටද ගෙනත් තියෙන්නේ.  ඒකයි අද මේ අපිට මේ රටවල් වලට එන්න වෙලා තියෙන්නේ. දරුවෙක්ව පාසලකට දාගන්න බැහැ. අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ.
පොදු ප‍්‍රවාහනය විනාශ වෙලා.කම්කරුවන්ට ජිවත් වීමට හැකියාවක් නැහැ. රජයේ සේවකයන්ට තම පඩියෙන් ජීවීතය ගැටගහන්න අමාරුයි. වෙළඳ ව්‍යාපාරිකයෝ බඳු නිසා අසරණ වෙලා. නීතීය ආධිපත්‍යය කඩා වැටිලා. ලංකාවට කුඩු ගෙන්වන  ආනයනකරු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක   මන්ත්‍රීවරයෙක් බවට පත් වෙලා. ඔහුට ගිය
ආණ්ඩුවෙන් වගේම මේ ආණ්ඩුවෙනුත් රැකවරණය ලැබෙනවා. මහ ඇමතිවරු ගංජා ප්‍රවාහනය කරනවා. මෙවැනි පාලකයෝ පිරිසක් තමා රට පාලනය කරලා මේ තත්වයට ගෙනල්ලා  තියෙන්නේ. මේ අවසානාවන්ත තත්වයෙන් ගොඩ වෙන්න  ඕනා. අපිට මොන පැත්තෙන්වත් සෑහීමකට පත් වෙන්න බැහැ. නමුත් හොද පාර්ලිමේන්තුවක් පත් කරගන අවස්ථාවක් ඇවිත් තියනවා. ඒකෙ දී විකිණෙන් නැති ජනතා නියෝජිතයන් පිරිසක් යවන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි පාර්ලිමේන්තුවට ගිහින් කුඩු බිස්නස් , ගනිකා මඩම් කරන පිරිසක් එතනට ගිහින් වැඩක් නැහැ. ඒ වෙනුවට ජනතාව වෙනුවෙන් අරගල කරන පිරිසක් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුනේ. වැඩි පිරිසක් ජනතා විමුක්ති පෙරමුනෙන් පාර්ලිමේන්තුව්ට යවන්න කියලා විදේශගත ශ්‍රී ලාංකීකයන් මෙන්ම ඔවුන්ගේ නෑ හිතමිතුරන්ගෙන් ඉල්ලනවා.

 යුතුව තියනවා  කියන එක පිළිගන්නවා සෑහීමකට පත් වෙනවා. නමුත් තව වර්ධනය විය යුතුය.   කියන දේ තමා මගේ අදහස. නමුත් මේ පාලනය තුලත්  මේ ප්‍රශ්නය තියනවා දිගටම    කාන්තාවන් මැදපෙරදිග සේවයේ යෙදවීම ගැන ජවිපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු සටහනක් නැහැ මෙයට හේතුව කුමක්ද?
අගොස්තූ 01 වෙනිදා අනුර සහෝදරයා සමඟ විදේශගත ශ්‍රී ලාංකීකයන් පැවති රැස්වීමේදීත් කිව්වා පිටරට එවන සේවය ගැන. ඇත්තටම මේ වහල් සේවයටනේ මේ පිටරටවලට එන්නේ.  ඔහුගේ යෝජනාව වෘත්තිය සුදුසුකම් යටතේ විදේශගත වීමට සලස්වන වන බවයි. එහිදී ඔවුන්ට වෘත්තිය අයිතිවාසිකම් දිනාගත හැකියි.10942606_761183373979705_8480795736488039298_n

විදෙස් ගත ශ්‍රී ලාංකීකයන්ගේ  විශ්‍රාම වැටුපක් ගැන ඔබේ අදහස කුමක්ද?
අපි විශ්වාස කරන දේ රජයේ සේවකයන්ට වගේම පෞද්ගලික සේවකයන්ටත් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි. විදේශගත ශ්‍රී ලාංකීකයෝ විදේශගත වෙලා තියෙන්නේ තමන්ගේ පවුලට විතරක් කරගන්න නෙමේ නේ. ඒ හරහා මේ රටටම  විදේශ විනිමය උපයල දෙනවා.   ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකීකයන්ටත් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුය.  ඒක අයිතිවාසිකමක්.

.

සංවාදය   සටහන   –  දිල්ශාන් ක‍්‍රිෂාන්ත තිසේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here