විදේශිකයෙකුගේ නිවසක් මංකොල්ලකෑ තරුණයෙකු අත්අඩංගුවට

0
80

මීගමුව පොලීසිය විසින් ඊයේ (16) වනදා   නිවසකින් ලක්ෂ  04ක් පමණ වටිනා බඩුභාන්ඩ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවුරුදු 23ක් වයසැති තරුණයෙකුව අත්අඩංගවට ගෙන තිබුනි. බසියවත්ත ප්‍රෙද්ශයේ තරුණයෙකු වන මොහු  එම ප්‍රද්ශයේම විදේශිකයෙකුගේ නිවසක් මෙසේ මංකොල්ල තිබේ. මෙම තරුණයා විසින් එම නිවස මීට පෙරත් මංකොල්ල කා ඇති බව වාර්තා වන අතර මොහු දිනකට මත්කුඩු රු 2000ක පමණ ප්‍රමාණයකට ඇබ්බැහි වූවෙකු බවද වාර්තාවේ. මීට පෙරද කොළඹ ප්‍රෙද්ශයේදී ද සොරකම් වල නිරත වී නීතියට කොටුවී ඇති බවද පොලිසියියෙන් වාර්තා වේ.    මීගමුව පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
DSCN0486

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්.