විදේශ ඇමතිතුමෙනි වි⁣දේශ සේවයේ නියුතු සියලු බලධාරීන්ට මේ ටික කියලා දෙන්න

0
107

Tilak_Marapana
(6.30 pm ) තමන් පත්කර එවූ මැති ඇමත්වරුන්ගේ හා දේශපාලකයන්ගේ දෙපතුල් ලෙවකෑවට කමක් නෑ.ඒත් ඒවා ප්‍රසිද්ධියේ කරන්න එපා කියන්න.
* තමන් ඒඒ රටවලට ඇවිත් තියෙන්නේ විශේෂ ජනතා සේවයකට. ඔවුන් සේවය කළ යුතු වන්නේ උපන් රටේ මහ පොළොවටත් බරක් නොවී වැඩිම විදේශ විණිමය පුමාණයක් උපයන ,රටට සම්පතක් ආශිර්වාදයක් බදු ගෞරවනීය මිනිසුන් පිරිසකට බව කියා දෙන්න.
* ඒ ඒ නිළධාරීන් සතු ලිපි ලේඛන  පිළිබඳ විශේෂ දැනුම පලපුරුද්ද ජනතා සේවය වෙනුවෙන් යොදවන්න කියන්න.ඒ සියල්ලම ඔලුවට අරගෙන නැති ගරු ගාම්බීරකොට ගෙන අහිංසක ජනතාව මඩවන්න පීඩාවට පත්කරන්න එපා කියන්න.
අන්නත අප්‍රමාන කායික මානසික වද වේදනා මැද ජීවත්වන මිනිස්සු කිසියම් කටයුත්තක් කරගන්න ආවාම පවත්නා නීති රීති අනුව ඒක කරන්න බැරිනම් මානුෂීය පැත්තෙන් බලලා තමනුත් ආරක්ෂා වෙලා ඒක කරන්න ක්‍රමයක් බලන්න කියන්න.
ඒ හැර ඒ කටයුත්ත නොකර ඉන්නම,වැඩේ කල් දාන්නම හේතු කාරණා හොයන්න එපා කියන්න.
* අතට පගාවක් ලැබෙන තුරුම එක් එක් අඩුපාඩු කියම්න් වැඩේ නොකර සිටීම හා කල්දැමීම රජයේ කාර්යාල වලසාමාන්‍ය ක්‍රමව බව කවුරුත් දන්නා කරුණකි.
අවුරුදු ගණනාවක් ඒ ක්‍රමය අත්හැරීමට අකමැතිය.
ලංකාවේදී රුපියල් වලින් ගත් පගාව ඒ ඒ රටවල මුදල් වලින් ගැනීමට ඔවුන් ආශා කරනවා විය හැකිය.
කලකට ඉහත මෙවැනි නිලධාරීයෙක් රෝම කාර්යාලයේ සිටි බව කවුරුත් දන්නා කරුණකි.
* විදේශ ශ්‍රමිකයන් උපයන  මුදල රුපියල් වලට හරවා බලා ඒ පිළිබඳ යටි හිතේ ඇතිවන ඊර්ශාවක් නිසා ඇතැම් නිලධාරීන් පීඩාවට පත්කරනවා යැයි අපට හැඟෙන අවස්ථා ද අැත.

එබදු මානසික රෝගීන්ද විදේශ සේවයට එවන්න එපා.විදේශ ගත ශ්‍රමිකයෝ වැඩි දෙනෙක් හා ඔවුන්ගේ හෙන්චයිලා වන ඔලුව උදුම්මවා ගත් නිලධාරීන් ඉදිරියේ දනින් වැටීමට හෝ ඔවුන් දොල පිදේනි දීමට සූදානම් නැති බවද ඔවුන්ට කියාදෙන්න.
අවසාන වශයෙන් “රට විරුවන්” යන සෝභන බෝ ඩ් ලෑලි වලින් අප රැවටිය නොහැකි බවත් ,ඊට වඩා දැනෙන පලදායී කටයුත්තක් වෙනුවෙන් ඔබේ අවධානය යොමුකරන මෙන්ද ඉල්ලා සිටිමි.
විනිශ්ච්‍යකරුවා නඩුවක් අසද්දී විනිශ්චය දුන්නේ ඔහු නොව නීතියයි.නීතිය වඩා සැරපරුෂ වූ විට ඔහු එය ලිහිල් කළේය.
(උපුටා ගැනීම වෝල්ටෙයර්ගේ “සත්පුරුෂයා හා අහිංසකයා “යන පොතේ 35වැනි පිටුව.)
මෙරිනස් ප්‍රනාන්දු -වෙරෝනා ඉතාලිය