විපක්ෂයට ආණ්ඩුව බය නැත්තෙ ඇයි…? – Ideas front වීඩියෝවක්

0
42
whatsapp sharing button
messenger sharing button
මේ වන විට රටෙහි පවතින්නේ බෙදුණු විපක්ෂයක් බවත්, එම බෙදීම් හේතුවෙන් බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ එක් එක් පුද්ගලයින්ගේ හෝ පක්ෂයක අදහස් මත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම කරුණ වඩාත් පැහැදිලි කරමින් දීප්ති කුමාර පැවසුවේ මාලිමා ආණ්ඩුව පත්වු දා සිට ආණ්ඩුවේ නොවන පාර්ශ්ව එකට එක්ව පොදු විපක්ෂයක් නිර්මාණය කළ යුතු යැයි යෝජනා කළ ද විපක්ෂයේ කිසිදු පක්ෂයක් එය නොතකා හැරි බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1833 කෝල්බෘෘක් ගිවිසුමේ සිට ම අපේ රටේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් බවයි. එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අපි ආරක්ෂා කරගත යුතු බවත් නමුත් වත්මන් ආණ්ඩුවෙහි එම ලක්ෂණ දක්නට නොමැති බව ද හෙතෙම පැවසී ය.

වත්මනෙහි පවතින්නේ නිරන්තරයෙන් ම විපක්ෂයට කරදර කරන ආණ්ඩුවක් බව ඔහු වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here