විපක්ෂයේ පිහිටෙන් අයවැය ගොඩදාගත් නගරාධිපති ඩුබායි යයි ?

0
147

ලංකාවේ දුෂිත නගර සභාවේ දුෂිතම විපක්ෂය යැයි අවිවාදයෙන් නම් කළ හැකි එජාපයේ මන්ත්‍රිලා පිරිසකගේද සහයෙන් මිගමුව අයවැය සම්මත කරගත් කුප්‍රකට ලංසා පවුලේ බාලයා නගරාධිපති දයාන් ලංසා පසුගිය දිනවල සංචාරයක් සදහා ඩුබායි ගොස් ඇති බව වාර්තා වේ.
ලංසා පවුලේ හුරතලුන් බවට පත්ව ඇති විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස මෙවරද අයවැයට පැවැති මහසභා රැස්විමට පැමිණ තිබුනේ නැත.
කාණු පාරවල් වැනි වරදාන හේතුවෙන් තමන්ට ඡන්දය ලබාදි නගරසභාවට යැවු බදු ගෙවන ජනයාට එරෙහිව දිගින් දිගටම මේ ලංසා පවුලේ හුරතලුන් පිරිස කටයුතු කරමින් සිටිති.
මේ කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ මිගමු එජාප සංවිධායක බෙන්ජමින්ය.
රට අර්බුදයක ගිලියමින් තිබියදි , රටේ අයවැය සම්මත කරගැනිමෙන් පසු පාර්ලිමේන්තුවේ අති බහුතරයක් මැති ඇමැත්තෝද විදේස් ගතවු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
අයවැය සම්බන්ධයෙන් මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිවරුන්ට උපදෙස් නොදුන් එජාප ලේකම් රංගේ බණ්ඩාරට බරපතල විවේචනයක් එල්ල කළ මිගමුවේ ප්‍රගතිශිලි විපක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ රංගේ ලා විසින් මිගමුවේ එජාප දුෂිතයන්ව හුරතල් කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here