විපක්ෂයේ මන්ත්‍රිවරු කාගේ පැත්තේද?? තින්දුව හෙට..??

0
74

ජනතාව වෙනුවෙන් නොව අත යට ගණු දෙනුවෙන් පමණක් දේශපාලනය කරන බහුතරයක්  විපක්ෂ මන්ත්‍රිවරු ඇත්තටම සිටින්නේ ජනතාවගේ පැත්තේද නැතිනම් ඇමති නිමල් ලංසාගේ පැත්තේදැයි හෙට දිනයේදි තින්දු විමට නියමිතය. එසේ වන්නේ ඇමති නිමල් ලංසාගේ දේශපාලන ජිවිතය තුළ ඔහු අකමැතිම යෝජනාව හෙට දිනයේ මහනගර සභා මහසභා රැස්විමේදි සාකච්ජා කරන නිසාවෙනි. එනම් ඔහුගේද මැදිහත්විම මත මීගමු වැල්ල වැල්ලවිදිය ද  බදුදි තිබිම සහ එහි සිදුවන අක්‍රමිතා ගැන හෙට දිනයේ සාකච්ජාවිමට නියමිත බැවිනි.
මෙය න්‍යාය පත්‍රයට ඇතුලත් විමෙන්  පසු කලබලයට පත්වු ඇමතිවරයා එය කළමණාකරණය කරගැනිම සහා ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද මෙහෙයවා ගැනිමට සමත්ව තිබේ. ඒ අනුව හෙට දිනයෙ ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරු අසනිප විමටද ඉඩ ඇත. එමෙන්ම මෙය න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්කර ගන්නේ නම් ඒ වෙනුවෙන් භාරහාර විමට පවා සුදානම් මන්ත්‍රිවරුත් සිටින්නට පුළුවන.
දැනට වාර්ථා වන අන්දමට ජන්දයක් පැවැතිය හොත් ජන්දය දිමට පවා මේ බොහොමයක් ඉදිරිපත් වන්නේ නැත.මේ සම්බන්ධයෙන් අප එක්තරා මන්ත්‍රිවරයෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කිවේ තමන්  මේ යෝජනාව ගැන කිසිවක්නොදන්නා බවය.ඔහු හෙට රැස්විමට එන්නේදැයි විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ තවම තින්දු කර නැති බවය. තමන්ට හෙට වැඩක් ඇති බව පක්ෂයට දන්වා ඇති බවද ඔහු කිවේය. මේ එක් මන්ත්‍රිවරයෙකුගේ ප්‍රතිචාරයකි.