විපක්ෂයේ විරෝධය හා කුට්ටිදුවේ ජනහඩ හමුවේ මිගමු නගරාධිපති පරාජය භාරගනියි!කුණු ව්‍යාපෘතිය නවතියි!

0
86
dav
dav

මිගමුව නගරාධිපතිවරයා විසින් කඩිමුඩියේ කුට්ටිදුව ප්‍රදේශයේ ඉදිකරන්නට ගිය කුණු කසල ව්‍යාපෘතිය පැමිණි ජනතා විරෝධයත් ඊට විපක්ෂයේ ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන්ගේ පුර්ණ සහයත් මත නගරාධිති දයාන් ලංසා පසබැස ඇත.
මිට මාස කිපයකට පෙර මෙම ව්‍යාපෘතියට ජනතා විරෝධය පැමිණි අවස්ථාවේ ජනතාව හමුවිමට පැමිණ එය ජනතාව අකමැති නම් නවතා දමන බව කියා සිටියද මහසභාවේදි නගරාධිපතිවරයා සිංහයෙකු මෙන්ම කියා තිබුනේ කව්රු මොනව කිව්වත් එම ව්‍යාපෘතිය කුට්ටුදුවේදිම පටන් ගන්නා බවය.
එහෙත් දැන් නගරාධිපතිවරයාට සිදුව ඇත්තේ එදා මහසභාවේදි ගත් සිංහ වෙස් ගලවා දමා ජනතා හඩ කන්දි එය හකුලාගැනිමටය.
දැන් තවත් කථාවකි.
එනම් ඒ භුමියේ උත්සව ශාලාවක් ඉදිකිරිමට අවශ්‍ය බව දැන් නගරාධිපතිවරයා කියා සිටින්නේ ජනතාව එවැන්නක් එල්ල සිටිනවා යැයි කියාය.
ඒ අනුව මෙවර මහසභාවට මෙම යෝජනවා නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ