විපක්ෂය ඉල්ලා සිටි රැස්විම මිගමු නාගරික කොමසාරිස්වරිය මගහැරියේ ඇයි ?

0
51

මීගමුව මහනගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් මිට සති 2 කකට පමණ ඉහතදි නාගරික කොමසාරිස්වරිය ඇතුල තවත් ප්‍රධාන පෙළේ පරිපාලන නිළධාරින් පිරිසක් හමුවිමට කළ ඉල්ලිම ඉටුකිරිමට නාගරික කොමසාරිස්වරිය පසුබට වුයේ ඇයිද යන්න පැහැදිලි ගැටලුවකි.

දැනටමත් බරපතල චෝදනා රැසකට ලක්ව ඇති නාගරික කොමසාරිස්වරිය මේ ආකාරයෙන් පාක්ෂිකභාවයකින් කටයුතු කරමින් සිටිම ගැන විපක්ෂ මන්ත්‍රිවරුන් අවස්ථා ගණනාවකදිම ප්‍රසිද්ධියේ විවේචනය කර තිබුණි.

රාජ්‍ය පරිපාලන ආචාරධර්ම වලට පටහැනිව කටයුතු කරමින් සිටින නාගරික කොමසාරිස්වරිය මේ වසරේ හෝ මෙම හමුව සදහා දිනයක් ලබාදෙනු ඇතැයි බදු ගෙවන ජනයා බලා සිටි.