විපක්ෂනායකට නගරාධිපති වන ලෙස සරත් පිලෙන් ඇරයුම්

0
71

මීගමුව  ආණ්ඩු   පක්ෂ දේශපාලනයේ පැල්ම දැන් ඉස්මත්තයටම පැමිණෙමින් තිබේ. එනම් ආණ්ඩු පක්ෂයේ  නගරාධිති අපෙක්ෂකයා කව්දැයි යන ප්‍රශ්නයත් සමගින්ය. මේ සම්බන්ධයෙන් ලංසා පිලෙන් දැනටමත් අලවා ඇති පෝස්ටරයෙන් කියැවෙන්නේ ඇන්ටන් ජයවීර නාගරික මන්ත්‍රිවරයා දැනටමත් මේ සදහා  ිටියට බස්සවා ඇති බවකි. මේ අතර ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා අපට වාර්ථා වන්නේ මීගමුවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතාට ආණ්ඩු පක්ෂයේ නගරාධිපතිඅපේක්ෂක ලෙසින් තරග කරන්නට යැයි සරත් පිලෙන් ඇරයුම් කර ඇති බවයි.මේ අතර හිටපු නගරාධිපති නිමල ලංසා මහතාගේ සහෝදරයෙකු වන දායන් ලංසාගේ නමද ලංසා පිළ හරහා ඉදිරියට පැමිණෙමින් තිබෙන බවය.