විපක්ෂ නායක රොයිස් විජිත නිහඩ වුනේ ඇයි…?

0
94

මීගමුවේ පොළවල් සහ බිච් පාක් එක පිළිබදව ඉතා තිරණාත්මක විශේෂ  මහ සභාවක් 2011 නොවැ 24 වනදා පෙ.ව 10 මීගමුව මහනගර සභා රැස්විම් ශාලාවේදි පැවැත්විණි.මේ රැස්විමේ ප්‍රධාන අරමුණ වි තිබුනේ නත්තල් පොල ටෙන්ඩරය අහෝසි කළ මුදල් කාරක සභා නිර්දේශය අනුමත කරගැනිම මෙන්ම අනෙකුත් පොළවල් දැනට එහි ටෙන්ඩරය හිමි අය වෙතම ලබා දිමයි.

විපක්ෂ නායක රොයිස් විජිත මහතා සිය මැතිවරණ ව්‍යාපාරය තුල ප්‍රධාන වශයෙන්ම මහජන අවධානයට ගෙන ආ කරුණක් වුයේ මේ පොලවල් පිළිබද ප්‍රශ්ණයයි.විශේෂයෙන්ම බිච් පාක් ඔහුගේ නිර්දය විවේචනයට නිතර ලක්විය.

එහෙත් මෙදින විපක්ෂයෙන් කිසිදු විරෝධතාවක් මතුවුයේ නැත.රොයිස් විජිත මන්ත්‍රිවරයාද නිහඩව  සිට ඇත.අල්ලස් කොමිසම දක්වා ගිය අන්දමේ වංචා දූෂණ රැසක් සිදුවු 2009 වසරේ මහනගර සභා නත්තල් පොල ගැන විපක්ෂ නායකයාට මේ  තරම් ඉක්මනින් අමතක වුයේ ඇයි.