විපතට පත් මිගමු ජනයා අමතක වු කාවින්දට මහින්ද මතක් වෙයි ?

0
104

කාවින්ද මහින්ද1මිගමුවේ පැවැති කලබල හේතුවෙන් විපතට පත් ජනයා බැහැ දැකිමට මීගමුවේ කිසිදු දේශපාලකයෙකු පැමිණි නැතැයි වාර්ථා වේ.
පාර්මේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු වන නිමල් ලංසා සහ කාවින්ද ජයවර්ධන වෙත මේ චෝදනාව ප්‍රධාන ලෙසින් මේ  වන විට එල්ලවෙමින් තිබේ.
මේ අතර මේ දෙදෙනාම ඊයේ  දිනයේ  පළගතුර දේවස්ථානයේ පැවැති රැස්විමට සභාභාගිව සිට ඇත.එමෙන්ම මිගමුව එජාප සංවිධායක දොස්තර කාවින්ද ජයවර්ධන පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාවද හමුවි තිබුණ බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
මේ දක්වා විපතට ජනතාව බැහැදැකිම සදහා පැමිණ තිබුනේ අගරදගුරු මැල්කම් කාර්දිනල හිමිපාණන් පමණි.
ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ලෙස පවතින වාතාරණය තුල මතුවු කලබලකාරි තත්වය සමනය කොට කාලාන්තරයක් තිස්සේ මිගමුව තුල පැවැති වාර්ගික හොද හිත හැදිමට මැදිහත්විම අවශ්‍යයෙන්ම සිදු විය යුතුව තිබුණි.ඒ ජනතා නියෝජිතයෙකුගේ මුලික වගකිමකි.එය කිසිසේත්ම පැහැර හැරිය නොහැකි වගකිමකි. හොද කිතුණු මන්ත්‍රිවරුන් ලෙසින්පෙනි සිටින මේ දෙදෙනාටම අමතකව ගොස් තිබුනේද ඒ උතුම් වගකිමයය.එපමණක් නොව නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙස මොසෙස් දයාන් ලංසාටද මේ උතුම් වගකිම මගහැරි තිබුණි.
පසුගියදා සිදුවු අවසනාවන්ත සිදුවිම බිමතින් පැමිණි සුළු පිරිසකගේ නොහික්මුණු ක්‍රියාවක් වුවද අතිබහුතරයක් මිගමු ජනයා රටටත් ලෝකයටත් සාමය රකිමින් දි තිබුනේ ශ්‍රේෂ්ඨ පණිවිඩයකි.
ඒ අාදර්ශමත් බව අප තවදුරටත් ඉහලටම ඔසවා තැබිම යුතුවේ.
එවන් අාදර්ශයක් සපයා ඇති එකම නගරයද විය හැක්කේද මිගමුව පමණක්ම විය යුතුයත.
මීගමුව යනු දේදුනු නගරයකි.
අද අප හමුවේ ඇති සෑබෑ අභියෝගය වන්නේ ඒ දේදුණු නගරයක රැකගැනිමය.එය සියළු ජාතින්ට ආගම්වලට අයත් පුරවැසියන්ගේ වගකිමකි.දේශපාලකයන්ට ඡන්ද පමණක් වැදගත් වුවද පුරවැසියන්ට වඩාත් වැදගත් වන්නේ මිනිසත්කමයි .විපතට පත් ජනයා බැහැදැකිමට පැමිණි කාර්දිනල් හිමියන්ව ඒ ජනයා බදා සිප ගන්නේ ඒ නිසාය.