විභාග අක්‍රමිකතා සිදුකළ මිගමු විදුහල්පති පියතුමා බේරගන්න පාසැලේ නි.විදුහල්පති දෙපලත් වැඩ …?

0
508

fr.jayantha-5විභාග අක්‍රමිතාවක් යනු බරපතල වැරැද්දකි. එවැන්නක් මිගමුවේ සා.මරියා විදුහලේදි සිදුව ඇති බව දැන් ඉතා පැහැදිලිය.තතු එසේ තිබියදි මේ පිළිබදව ඇති ප්‍රබලතම සාක්ෂිය ලබා දි තිබුනේ  සා.මරියා විදුහලේ තර්ක ශ්‍රාස්ත්‍ර විෂය භාර ගුරුතුමාය.
වසන්ත මාරසිංහ වන ඔහු ලංකාවේ මේ විෂය අද සිටින ජනප්‍රියම ගුරුවරයෙකුද වෙයි.
විභාග අක්‍රමිතාවක් සිදුකරන ලද විදුහල්පති තුමා මේ වන විටත් සමස්ථ විදුහල්පති සේවාවට බරපතල කැලලක් ඇති කර තිබියදි එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිණිය සහ අනික් නියෝජ්‍ය විදුහල්පතිවරයා සමස්ථ විදුහල්පති සේවයටම නිගා දෙමින් සිටිති.
ඒ අදාල ගුරුවරයාට විවිධ බලපෑම් කරමින් ඔහු විසින් දි තිබෙන සාක්ෂිය වෙනස් කිරිමට පියවර ගන්නා ලෙසය.
මේ අය ගුරුවරයාව බය කරමින් කියන්නේ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමය කැළඹි සිටින බවය.
ඉන් අදහස් කරන්නේ නම් කුමක්ද ?
ආදි ශිෂ්‍ය සංගමය චණ්ඩියන් ලෙසින් හුවා දක්වමින් අදාල ගුරුවරයාව බය කරමින් සාක්ෂිය වෙනස් කරන ලෙසය.
ඇත්තටම මේ අය විදුහල්පතිලාදැයි අපට අසන්නට සිදුවේ