විභාග වංචා මාෆියාවක් සංවිධානය කර ඇති මිගමුවේ විදුහල්පති පියතුමෙකුට එරෙහිව චෝදනා රැසක් !

0
392

fr.jayantha-5උසස් පෙළ විභාගයේ ආර්ථීක විද්‍යාව විෂයයේ දෙවැනි කොටස පැවති ඉකුත් 13 වැනිදා මීගමුව සාන්ත මරියා විදුහලට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු පැමිණි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මෙවර විභාගයට මුහුණ දුන් එම පාසලේ සිසුවෙක් යැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනන බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
පාසලේ ආදි ශිෂ්‍යයකු බව කියන මෙම ගුරුවරයා තමන්ගේ වාහනයෙන් පැමිණ විදුහල්පති කාර්යාලයේ රැඳී සිට ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

නිමල් ලංසා හා දයාන් ලංසා හට ප්‍රශස්ති කිමට මිගමුව මහනගර සභා පරිශ්‍රයට පැමිණි ජයන්ත වික්‍රමසිංහ පියතුමා

එමෙන්ම භෞතික විද්‍යාව විෂයයේ පළමු කොටස පැවති 16 වැනිදා උදේ තවත් ආදි ශිෂ්‍යයකු පාසලට පැමිණ ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වෙයි. ඔහු පසුගිය වසරේදී එම විෂයය ඉහළින්ම සමත් වූ ශිෂ්‍යයෙක් යැයි ද කියති.

මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 14 වැනිදා පැවැති තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසාන වීමට පෙර එහි ප්‍රශ්නයක් පිළිබඳව විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා විදුහලේ එම විෂයය උගන්වන ගුරුවරයාගෙන් විමසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් විභාග වංචා මාෆියාවක් දියත් කර ඇති සා.මරියා විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමාව තවමත් වැඩ තහනමකට ලක්කර ඇති බවක් නම්  වාර්ථා නොවේ.

ගෝඨාභය රාජපක්ෂ 2019 අප්‍රෙල් මාසයේ ලංකාවට පැමිණ විට පිළිගැනිමට ගිය ජයන්ත වික්‍රමසිංහ පියතුමා

ඒ ඔහු වත්මන් රජයේ දේශපාලන හුරතලෙකු නිසාදැයි ගරු වෘත්තිය සමිති විසින් ප්‍රශ්ණ කර සිටිති.සාමාන්‍යයෙන් කතෝලික පාසැල් හා එහි විදුහල්පති පියතුමන්ලාට හට ඉතිහාසය පුරාම පැවැති ඉහලම ගරුත්වය ජයන්ත වික්‍රමසිංහ පියතුමාව විසින් විනාශ කර දමා ඇතැයි නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි පියතුමෙකු මිපුරට පවසා සිටියේය.බල්ලොත් එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නෙම මැක්කොත් එක්ක  අපේ තවත් සමහරක් ස්වාමිලා ඉන්නවා එයාලටත් මේව හොද පාඩම් යැයිද ඒ පියතුමා තවදුරටත් සදහන් කර සිටියේය.