විමලවීරගේ කැමැත්ත රනිල්ට ! සුදර්ශණිගේ සහය සජිත්ට !

0
145

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව නිවේදනය කර තිබේ.

අද (11) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක පවසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ මෙවර ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරිමට නොහැකි බව ද මන්ත්‍රිවරයා සදහන් කළ බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය භාර අරගෙන තමන්ගේම ආර්ථික දර්ශනයක් අනුව මේ රටට ඉදිරියට රැගෙන ගියා.හරි හෝ වැරැදි හෝ දැනට රට ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන මත මේ කෝච්චිය දුවන්නේ මේ පීල්ලේ මේ පීල්ල මාරු කළොත් කෝච්චිය පෙරලෙනවා.

සජිත් ඇවිල්ල මාරු කළත් එහෙමයි අනුර ඇවිත් මාරු කළත් එහෙමයි.

මේ රට බිහිසුණු තැනකට වැටෙනවාට මම පුද්ගලිකව කැමැති නැහැ. ඒක නිසා මම කැමැතියි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට.පොහොට්ටුවට දිනන්න බැරි නිසා .”

මන්ත්‍රීවරයා මේ බව පවසා තිබුනේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයන් සමග අම්පාරේ පැවැති රුස්වීමකදීය.