විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව මිය යයි.

0
74

thamalini-720x340විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව ලෙසින් කටයුතු කළ  සුබ්‍රමානියම් සිවගාමි නොහොත් තමිලිනී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
කලක් තිස්සේ පිළිකා රෝගි තත්වයෙන් පසු වු කමලනි මිය යන විට  43 හැවිරිදි වියේ පසුවිය.
මහරගම ජාතික පිළිකායතනයෙන් ඇය ප්‍රතිකාර ලබමින් සිටි අතර එම රෝහලේදීම  ඇය මිය ගොස් තිබුණි.

1986 වසරේදී  එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්වූ තමිලිනී එක්වූ අතර ඒ වනවිට ඇය 14 හැවිරිදි වියේ පසුවූවාය. ඇය අවසන් අවසන් යුද සමය වනවිට කාන්තා දේශපාලන අංශයේ නායිකාව බවට පත්වූවාය. අවසන් සටන් පැවති සමයේ ඇය සාමාන්‍ය ජනතාව සමග පැමිණ අවතැන් කඳවුරක ජීවත් වූ අතර පසුව ආරක්ෂක හමුදා විසින් ඇය හඳුනාගෙන අත්අඩංගුවට ගත්තේය.

2013 වසරේදී ඇය පුනරුත්ථාපනයෙන් පසු සාමාන්‍ය සමාජයට මුදාහැරියාය. තමිලිනී කිලිනොච්චි පරන්තන් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
Share Button

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here