විල්පත්තුව ගැන බත්තලංගුණ්ඩුවෙන්,,,,,,,,,,,

0
73

11224543_10153000387252946_6901603912037671533_n
” විල්පත්තු අභය භූමිය ” සම්බන්ධව නින්දෙන් ඇහැරී උගුරු ඇට කඩාගෙන ටෝක් දෙන්නන් අතර, ” එය මෙතෙක් කල් රැකුණේ කෙසේද ” යන්න බොහෝ අය නොදනී. එක්කෝ හිතාමතාම අමතක කොට තිබේ. මෙවැනි මොහොතක වුව එය විමසීම වටී. එවිට ‘ඇත්ත මිනිසුන් සහ හරිත පෙම’ හඳුනාගැනීම අපහසු නැත.

” විමුක්ති කොටි ගරිල්ලාවන්” විසින් නිරතුරුව අඛණ්ඩ සටන් වල පුහුණු ලක්ෂය සහ ඔවුන්ගේ ලැඟුම් බිම වශයෙන් තෝරාගෙන තිබුණේ විල්පත්තු හදවතයි. මෙහි වීරයා ‘විමුක්ති කොටියායි.’ වසර කිහිපයක් පුරා ඉතාම පරිස්සමෙන් සහ පරිසර හිතකාමීත්වයෙන් ඔවුන් විසින් රැකගනු ලැබුවේ මේ නීල මව්බිමයි.

මේ දැන් අවදි වී කෙඳිරි ගානා සිංහයන් හෝ බැටළුවන් එකල කොහේ සිටියාදැයි නොදනිමි..

*******************
කසුන් මහේන්ද්‍ර හීනටිගල තරුණ නිර්මාණකරුවා මෙසේ ලියා පළ කර තිබුණි. ඇත්තකි. ඒ ඇත්ත අතරින් මා ලියූ සටහනක සේයාවක් මට දැනෙන්නට පටන් ගැනිණ. බත්තලංගුණ්ඩුවේදී ය. මා බත්තලංගුණ්ඩුව ලියන්නට පටන් ගත්තේ 2005 වසරේදී ය. එය අවසන් කෙරුණේ 2006 වසරේ ය. එය පළවූ සමයේ මෙකී සටහන උපුටා දක්වමින් බත්තලංගුණ්ඩුවට බැට දුන්නෝ රාශියක් සිටිය හ. ඔවුන් ඇත්ත වශයෙන්ම නවකතාවට කැමති ය. නමුත් මෙකී සටහනට අකමැති ය. මට කරන්නට දෙයක් නැත. එය බත්තලංගුණ්ඩුවේ ඇන්ටනිට හිතෙන හැටි ය. grin emoticon

කසුන්ට මා ලියූ ඒ සටහන් යම්තාක් දුරකට බලපාන්නට ඇත. එය නිර්මාණකරණයේ ගතිකයකි. එය කොහෙන් එන්නට ඇත්දැයි මෙය ලියන මොහොතේ ඔහුට මතකයක් නොතියෙන්නට ඇත.grin emoticon එබැවින් යලි මෙසේ උපුටන්නට සිතීමි. එය මෙබඳු ය.

‘‘‘…………….ඉදින් වම්පසින් පෙනෙන්නේ තෙරක් නොපෙනෙන කළපුව ම පමණි. දකුණු පසින් සිට දෑහෙහි තැවරෙන අඛන්ඩ නිල්ල විල්පත්තු වනාන්තරයයි. වන සතුන් නහුතයක් සිටිනා මේ කැළේ රාජා සිංහයා නොව විමුක්ති කොටියා ය. විල්පත්තු වනයට මෙතරම් සශ්‍රීකව,නිදහස්ව වැඩෙන්නට අභයදානය ලැබී ඇත්තේ විමුක්ති කොටි හමුදාව ලැගුම්ගෙන සිටිනා නිසා වන්නට පිළිවන. ඔවුන් සටන්කාමී වනවා සේම රිසට හිතකාමී වන බවට විල්පත්තු වනය ම නිදසුනකි. ඔවුන්ගේ දීර්ඝ ගරිල්ලා සටන් නොවන්නට මේ දීර්ඝ වන නිල්ලද බොහෝ ක්ෂය වි ගොස් ඇතුවාට සැක නැත. …………….‘‘
(බත්තලංගුණ්ඩුව – තෙවැනි මුද්‍රණය 43 පිටුව)

විමුක්ති කොටි අරගලය මිල්ටරිමය ලෙස පරාජය කර පළා නොගිය එහි නායකයා මරා දමා ගතවන හයවැනි සිංහල සමරුවේ සිංහල දේශප්‍රේමී සංදර්ශන අද හෙට ඇරඹීමට නියමිත ය. විල්පත්තුව ගැන සංවාදයක් මතුව ඇත්තේ එවන් පසුබිමක ය.

(පින්තූරය උපුටා ගැනුනේ http://www.srijourneys.com/ වෙබ් අඩවියෙනි. විල්පත්තුව ගැන වන http://www.srijourneys.com/destinat…/wilpattu-national-park/ සටහනෙනි.)

මංජුල වෙඩිවර්ධන
Manjula Wediwardena
https://www.facebook.com/manjula.wediwardena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here