විවාහයට කලින් ලංවිමට යෑම අනිවාර්යයයි( ඔවදනකි.)

0
105

church-alterවිවාහය ජිවිතයේ සුන්දරම දවසයි. මේ නිසා එකි චාරිත්‍රය තම තමන්ගේ ආගමානුකූල චාරිත්‍ර වලට අනුව එය සමරති.එවැනි විවාහ මංගලයක්  අද දිනයේ කටුනායක පේදුරැ පාවුළු දෙව්මැදුරේදි සිදුවිය.
සියළු කටයුතු සුදානම්ව දෙපාර්ශවයට දේවස්ථානය වෙත නියමිත වේලාවට ලගාවි තිබුනද එතෙක් ලගා නොවි තිබුන එක් තිරාණාත්මක දෙයක් විය.
ඒ විදුලි බලය නොතිබිමයි.
මේ ගැන වහා කරුණු විමසා බලන කල්හි අදාල ආයතනය විසින් දන්වා තිබුනේ කල් ඇතිව පුවත් මගින් අද දිනයේ විදුලිය නැති බව දන්වා ඇති බවය.
ලස්සන ගීතිකා ගයන්නට සිටි පල්ලියේ ගීතිකා කණ්ඩායම පසුව ගම වටේ ගොස් යන්තම් ගිටාරයක් සොයාගෙන පැමිණ තිබුනේ තම ගායනාවන් සදහා අවැසි රිද්මය ලබාගනු සදහාය.
ජිවිතයේ රිද්මය ඒ මොහොතේ පටන් දෙදෙනා එක්ව තනා ගැනිම සදහා පල්ලියේ පියතුමන් පවුලේ සහ ඥාාති පාර්ශවයන් ඉදිරියේ මේ දෙදෙනාගේ කැමැත්ත අන්අයටද ඇසෙන සේ කියන්නට යොදාගෙන තිබුනේ මෙගපෝනයකි.
කෙසේ වෙතත් විදුලිය නැති අඩුව කෙසේ හෝ මගහරවා නව යුවලගේ ආගමානුකුල චාරිත්‍ර  නිසි ලෙසින් සිදුකරලිමට ගරු පියතුමන් ඇතළු සැම දෙනා එක්ව කටයුතු සම්පාදනය කරගෙන තිබුණි.
ඒ සියළු කටයුතු නිමා වු පසු යුවලට සුභපැතිමට යන පෝලිමේ අයෙකු ලගදි විවාහ ගිවිස ගැනිමට සිටින යුවලක් වෙත පවසා සිටියේ.
විහාව වන  දිනේ දාගන්න කලින් විදුලි බල මණ්ඩලයෙන්ද අසා තින්දු කරගන්නා ලෙසය.