විවාහ මංගල උත්සව නීතිය උල්ලංඝණය වන බවට චෝදනා ?

0
186

සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකු​ගේ සහභාගිත්වයෙන් යුතුව  විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටින බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කොළඹින් පිට ප්‍රදේශව​ල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී තිබෙන උපරිමය 150 දෙනෙකුගෙන් යුත් පිරි​සේ සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් ඒම පුවතේ සදහන්ය.

මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ​ය.

විවාහ මංගල උත්සව වලදි පමණක් නොව මේ වන විට බොහොමයක් ක්ෂේත්‍ර සදහා පනවා ඇති නිරෝධායන නීති සැබැවින්ම විහිළුවකට ලක්වන අන්දමට ඒ්වා කඩකරමින් තිබේ. නිදසුනක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම හුවමාරු වන මගි ප්‍රවාහන බස්රථ වලට පනවා ඇති නිතිය කඩා ඇති අන්දම ගැන වු ඡායාරුප ඒයට කදිම සාක්ෂියකි.