විශ්‍රාමික කොමසාරිස්වරයෙකුට මිගමුව පාලනය කළ හැකිද?

0
288

මිගමුව යන බස්නාහිර පළාතේ ඇති එක් ආර්ථික මර්මස්ථානයකි.රජය මේ වන විට ඩොලර් අර්බුදයට විසදුම් සොයද්දි සංචාරක කර්මාන්තය එහි එක් ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගයක් බවට පත්ව තිබේ.

බස්නාහිර පළාතේ ඇති ප්‍රධානතම සංචාරක පුරවරය වන මිගමුව අද පත්ව ඇත්තේ දැවැන්ත අර්බුදයකටය.

අපිරිසිදු කම අතින් පමණක් නොව අනේකවිදි දුෂිත මජර වැඩ එමටය.මෆියා පන්නයේ කණ්ඩායම්ද එමටය.

මේ සියල්ල අද මිගමුට සංචාරකයන් ගෙන ඒමට ඇති බාධාවන් බවට පත්ව තිබේ.

හරින් ප්‍රනාන්දු සංචාරක ඇමතිවරයා ලෙසින් ඊයේ දිනයේ මිගමුවට පැමිණ තිබුනේ පිඹිදෙමු මිගමුව යන සංකල්පය යථාවක් කිරිමට මැදිහත්විමටය.

ඇත්තටම මිගමුව පුබුදවන්නට නම් දේශපාලනයට ගැතිකම් නොකරන ශක්තිමත් පෞරුෂයක් සහිත කොමසාරිස්වරයෙකු මිගමුවට අවැසිය.

විශ්‍රාමික අයෙකුට මිගමුව වැනි ආර්ථික මර්මස්ථානයක් අවැසි පරිදි කළමනාකරණය කිරිමට හැකියාවක් ඇතිද යන ප්‍රශ්ණයට අමතරව දායන් ලංසලා වැනි චාරයක් නැති දේශපාලකයන් ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන කටයුතු කිරිමට හැකියාවක්ද අතිද යන්න පවා අද ගැටළුකාරි වි තිබේ.

පසුගිය දිනක හිටපු නගරාධිපති දයාන් ලංසා මහනගර සභාවට ඇතුලට පැමිණ පාට් දැමිමට අදාලව නාගරික කොමසාරිස්වරයා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?