විශ්‍රාම ගිය දක්ෂ පොලිස් නිලධාරියා..Joseph(2018) මලයාලම් චිත්‍රපටය…

0
102
කාලෙකට පස්සෙ චිත්රපටයක් බලල ඉවර වෙනකොට හිතේ අමුතුම දුකක් ඉතුරු වුන චිත්රපටයක් වගේම සෑහෙන්න හිතට දැනුණු චිත්රපටයක්….

ආදරණීය පියෙක්, ආදරණීය සැමියෙක්, ආදර්ශමත් පොලිස් නිලධාරියෙකු වෙලා ඉදපු ජෝශප් ගේ ජීවිතය හරි පුදුමයි..චිත්රපටයේ දිවෙන්නෙ මොහුගේ කතාව..ජෝශප් විශ්රාම ගිහින් සිටියත් ඔහුගේ හිටපු බිරිඳගේ මරණයෙන් පස්සෙ ඔහුගේ තිබුන විමර්ශන දක්ෂතා ප්රයෝජනයට ගනිමින් සිදු කරන ඔහුගේම විමර්ශනයකින් අවයව ජාවාරම් සම්බන්ධ අපරාධ නඩුවකට මොහු මැදිවෙනව…මොහු ඒ පිළිබඳව ඔහුගේ පොලිස් මිතුරන්ගේ සහය සමගින් මේ අපරාධයේ සුලමුල සොයන ආකාරය තමයි මේ චිත්රපටයෙන් අපට පෙන්වන්නේ..

චිත්රපටයේ අන්තර්ගතය ගැන මීට වඩා කියන්නේ නෑ..M. Padmakumar විසින් අධ්යක්ශනය කරපු මේ ලස්සන චිත්රපටයේ ජෝශප් ගේ චරිතය රඟදක්වන්නෙ Joju George විසින්..ඒ වගේම චිත්රපටයේ Athmeeya Rajan, Dileesh Pothan, Irshad, Sudhi Koppa වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා..
මෙවැනි සිදුවීම් අද සමාජයේ සුලභව අහන්න දකින්න ලැබෙනවා..ඉතිං ඒ සිදුවෙන හැම අපරාධයකටම සාධාරණයක් වෙනවාද? යන්නත් ප්රශ්නයක්..චිත්රපටය බලල ඉවරවෙනකොට මේ දේවල් නිතැතින්ම අපේ ඔලුවට වැටෙන්න ගන්නව..

එහෙනම් චිත්රපටය බලපු නැති අය අරගෙන බලන්න..
-Dilantha Jayasanka – සිනමාවේදීන් – The Cinema People

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here