විශ්වාසභංගය : ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් [Video]

0
130
ranil mangfala

දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවීම් සම්බන්ධයෙන් මෑතක සිට ප්‍රසිද්ධ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මුහුණදී ඇති අනතුරක් හෙළිදරව් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික ඉලක්කය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ඔහුව ආරක්ෂා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිකර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය වී ඇතැයි ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඒකාබද්ධය විශ්වාස භංගයෙන් පසු කතානායක ධුරයට තමන්ගේ හිතවතකු දමා ජනාධිපතිවරයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් ඇතැයි ද මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here