විශ්‍රාම වැටුප ගැනිමට පැමිණෙන වයස්ගතවුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්වෙමු…!

0
99

තැපැල් හල 1අම්මා 1 රජය පසුගියදා ප්‍රසිද්ධියට පත් කළේ අද සිට දින 3 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්‍රාම වැටුප ලබාගැනිමට කටයුුතු යොදා  ඇති බවයි.
අන් කටයුතු වලදි මෙන්ම මෙහිදිද ආණ්ඩුව කිසිදු සම්බන්ධිකරණයක් ගොඩනගා ගැනිමට නොහැකිව විශ්‍රාමිකයන් අසරණ කර ඇත.
කෙසේ හෝ තැපැල් කන්තෝරු අද මේ වෙනුවෙන් විවෘත තැබිමට පියවර ගෙන තිබුණද  ඒ හා සමාන ප්‍රමාණවත් අයුරින් බැංකු විවෘතව තැබුනේ නැ.තැපැල් හල 5තැපැල් හල 6
එමෙන්ම විශ්‍රාමිකයන් වැඩියෙන් සිටින ඇතැම් ගම්වල පිහිටි ප්‍රාදේශිය තැපල් හල්  විවෘතව තිබුනේ ද යන්නත් ගැටලු සහගතය.
කෙසේ වෙතත් අද පෙරවරුවේ සිටිම මිගමුව ප්‍රධාන තැපැල් හල අසල විශාල වයස්ගත විශ්‍රාමිකයන් පිරිසක් රැස්ව සිටින අයුරු දැකගත හැකිවිය.ඒ අයට සේවය සලසා දිමට තැපැල් හලේ සේවක මණ්ඩලය කැපවි සිටිම සැබැවින්ම අගේ කළ යුතුය.

එක් කරුණක් පමණක් තවදුරටත් අවධාරණය කළ යුතුව තිබේ.එනම් අදත් හෙටත් අනින්දා දිනයේත් තැපැල් හල්වලට මෙන්ම බැංකුවලටද එන්නේ මේ කොරෝනා ප්‍රශ්ණය හමුවේ වඩාත් අවධානමට ලක්ව ඇති සමාජ කොටසයි.
ඒ නිසාම ඒ අය අතර අවම වශයෙන් මිටර් 2 කක පරතරයක් නඩත්තු කිරිමට විධිමත් වැඩපිළිවෙලක් සකැසිය යුතුව තිබේ. එමෙන්ම අයව ඇතුලට ගැනිමේදිද එලෙසින්ම මිටර් 2 කකවත් පරතරය එලෙසින්ම පවත්වාගෙන යා යුතුය.
එහෙත් මිගමුව තැපැල් හල මෙයට නිසි ලෙසින් සුදානම්ව නොතිබුන බව එහි ගොස් මාධ්‍යවේදින්ට පැහැදිලිව නිරික්ෂණය කළ හැකිව තිබුණි.
මේ අඩුපාඩු ආදල රාජ්‍ය ආයතන වඩාත් වැඩි අවධානයක් යොමුකරමින් කටයුතු කළ යුතුව තිබේ