”විශාල ගිනි අවි ලත් පොලිස් නිලධාරීන් 100කට වඩා එතන සිටියා ” – ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී රංජිත් පර්ඩිනැන්ඩස්

0
94

(9.31pm) සිරස මාධ්‍ය ජාලයේ කටුනායක ගුවන්තොටුපළ වර්තාකරු ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී බියන්විලගේ ජෝශප් පෙස්ටස් රංජිත් පර්ඩිනැන්ඩස්  මහතා මෙම ප්‍රකාශය සිදුකළේ 2011 මැයි මස 29 වනදා කටුනායක නිදහස් වෙළද කලාපයේ සිදුවූ  උද්ඝෝෂනයේ දී ඔහු විසින් රූ ගත කරන ලද වීඩියෝ දර්ශන හඳුනා ගැනීමට හා සාක්ෂි දීම වෙනුවෙන් අද මීගමුව මහ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදීය. එහිදී විත්තියේ ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා නැගූ ප්‍රශ්නයකදී ටී 56 අතේ තිබුණ  පොලිස් නිලධාරීන් කී දෙනෙක් හිටියා  යැයි  අසන ලද අවස්ථාවේදී රංජිත් මහතා විසින් ප්‍රකාශ කළේ ” විශාල  ගිණි අවි ලත් 100 කට අධික පොලිස් නිලධාරීන් සිටි බවත් ඒවා පිස්තෝල නොවන බවත්ය. එහිදී නැවතත් ඔහුගෙන් ප්‍රශනයක් නගමින් ගිණි අවි සහ කදුළු ගෑස් ගැසීමට භාවිතා කරන උපකරණ ගැන ඔබ දැුනවත් ද යන්න විමසා සිටි අතර  ඔහුගේ එය දැනුවත් බව ප්‍රකාශ කරන ලදී.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින් අධිනීතිඥ උදාර කරුණාතිලක සහ තිස්ස විජේසූරිය යන නීතිඥවරුන් පෙනී සිටියහ.ftz_protest_3