විශේෂඥවරයෙකුගේ ගණන්

0
93

මීගමුව  ප්‍රෙද්ශයට පැමණී  අලුත්  වි‍ෙශ්ෂඥවරයෙක්   තම සේවාදායකයිගෙන් අලුත්ම අලුත් තාලේ අය කිරමක්  සිදුකරන බව වාර්තා වේ. මෙම විශේෂඥවරයා ගේ විෂය ළමයින්ට සම්බන්ධ නිසා දෝ මේ තරම් විශේෂ  යැයි දෙමාපියන් සිතන්නට පුලුවන. පෙෘද්ගලික සේවාවේදී විශේෂඥවරයාව චැනල් කිරීමට රැ850 ගෙවන්නට  ඕනෑය. පසුව ඔහු එම රෝගියාව පරීක්ෂා කිරීමට (visit)එකකට පැමිනෙනවා නම් ගාස්තුව 2500කි.  ඔහු දුරකතනයෙන් අදාළ රෝගියා සම්බන්ධයෙන් උපදෙසක් දීමට රැ 500ක් අයකරයි. දවස් 3ක් පමණ පෙෘද්ගලික රෝහලක නැවතී  මොහුගෙන් ප්‍රතිකාර ගතහොත් අවම වශයෙන් රැ 30000 ට වඩා වැය කිරීමට සිදුවෙයි.ඉතින්  මේ ආකාරයෙන් ජනතාවගෙන් ප්‍රතිකාර සදහා අය කරන්නේ ජනතාවගේ මුදලින්ම වෛද්‍ය අධ්‍යාපනය ලබාගත් ලංකාවේම කුමරෙකු බව මතක් කර දිය යුතුය.