මෙල්වා වානේ දඟර කම්බි නිෂ්පාදකයන්ගේ අනුග්‍රහයෙන් මිගමුව රෝහල තුල ඉදිකරන්නට යෙදුණ ‘ සුරක්ෂා’ ළමා වාට්ටු සංකීර්ණය රු මිලියන 200 ක වියදමකින් ඉදිකර ඇති බව ‘අරුණ’ පුවත්පත විසින් අනාවරණය කර තිබේ.
මෙසේ මිගමුව රෝහලට ළමා වාට්ටු සංකිර්ණයක් ඉදිකරදුන් මෙල්වා සමාගම දැන් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිස තිබේ. ඔවුන් විසින් පසුගිය යහපාලන සමයේදි දැවැන්ත ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්ද ඒකල ප්‍රදේශයේ ඉදිකරන්නට පටන් ගෙන තිබුණි.
කෙසේ වෙතත් 2020.10.09 දින අරුණ පුවත් පත විසින් පළකරන්නට යෙදුන දිර්ඝ ලිපියක මතුකර තිබුණ එක් ප්‍රධාන කරුණක් වුයේ විශේෂඥ වෛද්‍ය ලක්කුමාරට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසමට කර ඇති පැමිණිල්ලක් පිළිබඳවය.
මහජන යුතුකම් කේන්ද්‍රය නම් වු සංවිධානයක් විසින් සෞඛ්‍ය ලේකම්වරයාට 2019.12.17 විශේෂඥ වෛද්‍ය ලක්කුමාරට එරෙහිව ලිපියක් යොමුකර තිබුණ බවද අරුණ පුවත්පතේ සඳහන්ව තිබේ.
එහිදි ඔවුන් මතුකර ඇතැයි යන කරුණ අරුණ පුවත්පත සඳහන් කර තිබුනේ ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයකු ලෙස සිටියදී මෙම වෛද්‍යවරයා ඖෂධ සමාගම් සමඟ කිට්ටු සම්බන්ධතාවක් පවත්වමින් මීගමුව රෝහලේ සුරක්ෂා ළමා රෝග ගොඩනැගිල්ල ඉදි කිරීමට මුල් වීම හා විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසය’. එකී මහජන යුතුකම් කේන්ද්‍රය විසින්ම එම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතද යොමු කර තිබිම පිළිබඳවද ‘අරුණ’ පුවත්පත සඳහන්කර තිබුණි.
මේ අතර පැමිණිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් වූ පසු සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සහ අල්ලස් කොමිසම විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් අරුණ පුවත් පතේ ලිපිය මගින් දක්වා තිබේ.
නාමික හෝ නිර්නාමික ලිපියක් ලැබුණ පසු විමර්ශනයක් ආරම්භ කිරීමට සුදුසු බව හැඟී ගියහොත් විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කරන බවද එහි සඳහන්ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ගේ අරුණට කියා ඇතැයි එහි සඳහන් වන්නේ මෙසේය ‘‘මෙම ව්‍යාපෘතියට මම ඔවුන් සමග බැඳුණු නිසාම 2018 වසරේදී කොළඹ රිජ්වේ ළමා රෝහලට ස්ථාන මාරු වීමට තිබූ අවස්ථාවද මම අහිමි කර ගත්තා. මම නැවත මීගමුව මහ රෝහලටම සේවය සඳහා පැමිණියා. මෙවැනි උතුම් කාර්යයක් කළ දානපතියන් පිරිසකට අසාධාරණ ලෙස එම වාට්ටු සංකීර්ණය මා හට ලබා දෙන අල්ලසක් ලෙස ඉදි කර ඇතැයි දුෂ්ට චේතනාවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. මෙය ඉතා අභූත චෝදනාවක්. මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ මහජන යුතුකම් කේන්ද්‍රයේ පැමිණිලි කරුගේ ලිපින, දුරකථන අංක නොමැතිවීම නිසා ඔවුන්ගෙන් නැවත තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බව මගේ හැඟීමයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය මගෙන් කට උත්තරයක්ද ගත්තා.’’ යනුවෙනි. ‘‘මෙම පැමිණිල්ල 2019.12.17 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණා. සෞඛ්‍ය ලේකම්වරයාගේ නිල මුද්‍රාව එම පැමිණිලි පිටපත මත එදිනම සටහන් වී තිබුණා. මීගමුව රෝහලේ සේවය කරන බොහෝ විට සේවයට නොපැමිණ වැටුප් ලබා ගත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක ප්‍රධාන තනතුරක් දරන්නෙක් මෙම පැමිණිල්ල පිටුපස සිටින බව මගේ විශ්වාසයයි ” , යන්න
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් කටඋත්තරයේ සඳහන් වන බවද අරුණ පුවත් පත විසින් වාර්තා කොට තිබුණි.
කෙසේ වෙතත් අරුණ පුවත් පතේ ලිපිය එක්තරා ආකාරයකින් පාර්ශවිය කරුණු දැක්විමක් සහිත එකක් බව ඉතා පැහැදිලිව පෙනේ . එකි ලිපිය විශේෂඥ වෛද්‍ය ලක්කුමාරගේ පැත්තෙන් පමණක් කරුණු ඉදිරිපත් කරන්නට ඉඩකඩ ලබාදුන් එකක් දි තිබුණු අයුරු එය කියවන ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇත
මිගමුවට ළමා වාට්ටුවක් හදා දෙමින් හා තවත් රෝහල් වෙත තවත් අනුග්‍රහයන් ලබාදෙමින් යකඩ නිෂ්පාදනයෙන් පසු ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිස සිටින මෙල්වා සමාගම ඒ වෙනුවෙන්ද දැවැන්ත ආයෝජනයක් කර තිබේ.
කෙසේ වෙතත් අරුණ පුවත් පත සඳහන් කර ඇති ආකාරයට ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකුව සිටිමින් මෙල්වා සමාගම විසින් ඉදිකරන්නට යන ඖෂධ නිෂ්පාදන සමාගමේ ආරම්භක උත්සවයට විශේෂඥ වෛද්‍ය ලක්කුමාර සහභාගි වෙමින් පෙන්වා ඇති සමිප සම්බන්ධතාවය ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකුට කෙතරම් දුරට ඔබින්නේද යන සරල පැනය පසුගිය කාලය තුල වෛද්‍ය ක්ෂේත්‍රය තුල කතා බහට ලක්ව තිබුණ
ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරිය යනු මෙරට භාවිතය සඳහා සුදුසු ඖෂධ වර්ග පිළිබඳව අනුමැතිය දෙනු ලබන අධිකාරියයි. මෙල්වා සමාගම ඖෂධ නිෂ්පාදනයට පිවිසෙන මොහොතක ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජියෙකු ලෙසින් සමිපව අනන්‍යවිම යනු විෂමාචාර ක්‍රියාවක් මෙන්ම වෘත්තිමය සදාචාරයටද තරම් නොවන එකක් බව කාට වුවත් තේරුම්ගැනිමට හැකි ඉතා සරල කරුණක්ව තිබේ.
මේ අනුව බලන කළ විශේෂඥ වෛද්‍ය ලක්කුමාරට එල්ලවන මේ චෝදනාව සැබැවින්ම ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරිය හැටියද වඩාත් සැලකිල්ලෙන් යුතුව අවධානය යොමුකළ යුතු කරුණක් තිබේ.
මෙයට අදාළව පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයකදි අදාළ නිෂ්පාදනයට හෝ සේවාවට අනුමැතිය ලබාදිමට පත්කර ඇති නියෝජිතයන් එම නිෂ්පාදනය හෝ සේවාව හා සමිපතම ලෙසින් අනන්‍යවන්නේ නම් එහිදි ඇතිවන්නේ බරපතල පාක්ෂික බවකි. ඒ අනුව ස්වාධින ලෙසින් අදාළ නිෂ්පාදනයට හෝ සේවාවට අනුමැතිය දෙන්නේද නැද්ද යන්න ගැන තින්දු ගැනිමේදි එය සැබැවින්ම ගැටලුකාරි වනු ඇත. එමෙන්ම ඉතා පැහැදිලි ලෙසින් නිතිමය වශයෙන් වුවද අදාල පුද්ගලයාගේ පක්ෂපාතිත්වය ගැන ප්‍රශ්ණය පැහැදිලි ලෙසින්ම මතුවනු ඇත.
ඖෂධ නිෂ්පාදන සමාගම් සමගින් සමිප සම්බන්ධතා ප්‍රදර්ශණාත්මක ලෙසින්ද පවත්වාගෙන ගොස් ඇති විශේෂඥ වෛද්‍යවරයා සැබැවින්ම හෑල්ලුවට ලක්කර ඇත්තේ ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරිය බව සාධාරණ චෝදනාවක් එල්ල කිරිමට වැඩි ඉඩකඩක් අදාළ වෛද්‍යවරයා විසින්ම මේ අනුව ලබාදි තිබේ.
එපමණක් නොව මෙම මුල්ගල තැබිමේ උත්සවයට ප්‍රධාන අරාධිතයා ලෙස එක්ව සිටි එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි රාජිත සේනාරත්න මහතා විසින් කරන්නට යෙදුණ කථාවේ දී මේල්වා සමාගම සහ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර හා ඇති සමිප සම්බන්ධතාවය ගැනද සඳහන් කර තිබුණි.
මුලාශ්‍ර- අරුණ පුවත්පත (2020 .10.09 )
හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්ගේ ෆේස්බුක් පිටුව