විසඳගන්න බැරි ප්‍රශ්ණ රැසක් ඇති මිගමුවට මාලිමාවෙන් සම්බන්ධිකරණ කාර්යාලයක් !

0
30

මිගමුව අද මුහුණ දි ඇති ගැටළු වලට නිසි විසදුම් සෙවිම දැවැන්ත අර්බුදයක් වෙමින් ඇති පසුබිමක මිගමුවේ ප්‍රශ්ණ විසදිමේ වෙනුවෙන්   වු  මහජන සම්බන්ධිකරණ කාර්යාලයක් අද ස්ථාපිත කර ඇති බව ⁣ ⁣ෆේස් බුක් සටහනක සදහන් තිබුණි

එය මිගමුවේ …

ලිපිනය : 52, වෑබඩ පාර, මීගමුව.
දුරකථන අංකය : 031- 2282998 යන ස්ථානයේ පිහිටා ති⁣බේ.

මිගමුව යනු ලංකවේ ඇති අන්ත දුෂිතම නගරයකි. දශකයටත් වැඩි කාලයක් පුරා පවුලක පාලනයකට යටත්ව තිබුණ අතර ඒ පවුල් පාලනයට එරෙහිව මීගමුව තුල එදා මෙදා තුර  අවංකවම ක්‍රියාත්මක වි සිටියේ අතලොස්සක් වන් පිරිසකි.

මේ අයගේ අත්දැකිම් මෙන්ම නිර්භිතකම්ද මිගමුව තුල දැවැන්ත වෙනසක් මැතිවරණ හරහා ගෙන ඒමට පදනම දැමු බව ඇති තතු දන්නා සැමගේ පොදු පිළිගැනිමයි

මිගමුවේ ප්‍රශ්ණ වලට විසදුම් සේවිමට ඇතැමුන් පසුගිය කාලය තුල සැබැවින්ම මහන්සි ගෙන ක්‍රියාත්මක වන බවක් පෙනුනේද නැත. මේ පසුබිම තුල මිගමුවේ කුප්‍රකට බිච් පාක් එක හෙටත් පාලනය කරනු ලබන්නේ කප්පම්කරුවන් පිරිසක් විම අමතක කළ නොහැකි යථාර්ථයකි.

මිගමුවේ ජනතාව සිය ඡන්දය හරහා බලාපොරොත්තු වු වෙනස මිගමුවට ගෙනඒමට දැනටමත් මිගමුවේ මාලිමාවේ  ප්‍රදර්ශණාත්මක  නායකත්වයට නොහැකිව තිබිම සැබැවින්ම කණගාටුදායක තත්වයකි.
මාකස් ප්‍රින්ස් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here