විසඳුම් පමාවෙන් ධීවරයෝ ලතවෙති ?

0
69

උස්වැටකෙයියාවේ සිට හලාවත දක්වා ධීවර සමිති නායකයින් විසින් මීගමුව කුඩාපාඩුව-වැල්ලවීදීය ඒකාබද්ධ ධීවර සමිති කාර්යාලයේදි අද දින (22) මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබිනි.
මෙහිදී අදහස් දක්වමින් ධීවර නායකයින් සදහන් කර සිටියේ පිටතින් මාලු ගෙනවිත් විකිනීම වහාම තහනම් කරන ලෙසයි.  පසුගිය දින කිහිපයේදි මෙම ගැටලුව නිසා මීගමුව ධීවරයින් දෙපිරිසක් අතර ගැටුමක්ද නිර්මාණ‍ය විය.

ධීවර එකමුතු සංවිධානයේ කැදවුම්කරු ඩී. ලැනී ප්‍රනාන්දු

එහිදි සති දෙකකට මීගමුවට ලින්නන් හා පොතුබරී යන මාලු විශේෂ ගෙන ඒම ධීවර නියොජ්‍ය ඇමතිවරයා විසින් තහනම් කරල ලදි.
නමුත් මීගමුව කුට්ටිදූව ලෙල්ලමේන් පිට මෙම තහනම් කල මාලු ගෙන එන බව ධීවරයින් පවසයි.  කෙසේ නමුත් මෙම ගැටලුව මීගමුවට පමනක් නොව හලාවත වෙන්නප්පුව උස්වැටකේයාව පලගතුරය පෝරුතොට   වෙසෙන ධීවරයන්ටද මහත් සේ බලපාන බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම මස 24 දින ලින්නන් හා පොතුබරියන්  ගැටලුව පිලිබදව අගරදගුරුතුමගේ මැදිහත්වීමෙන් ජනාධිපති තුමා හා   පැවැත්වීමට නියමිතව තිබූ සකච්ඡාව 28 දිනට කල් ගිය බව එහිදි සදහන් කෙරුනී. එහිදී මෙම ගැටලුව සම්බන්ධයේන් ජනාධිපති තුමා දැනුවත් කරන බවත් තමන්ට නිසි පිලිතුරක් නොලැබුනොත් ධීවරයින්ට පාරට බැසීමට සිදුවන  බව ඔවුන් සදහන් කලේය.

හලාවත පාරම්පරික ධීවර සමිතිය සභාපති සුජිත් රොෂාන්,

දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා