විස්කි ප්‍රවාහනය කළ ඇමති ලංසාගේ ඥාතියාගේ වාහනය රාජසන්තකයි !

0
115

wisky

(දෙවන සංස්කරණය )නිති විරොධි ලෙස විදේශිය මත් පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදි සුඛෝපබොගී වැන් රථයක් සමග පුද්ගලයෙකු කොළඔ සුරාබදූ මෙහෙයුම් ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .මේ සැකකරු යහපාලන රජයේ ඇමති  නිමල් ලංසා මහතාගේ සමීපතම ඥාතියෙකු බවත් මේ වන විට හෙලිවීව ඇත.
පසු ගිය කාලය පුරා කටුනායක ගුවන්තොටුපොල කේන්ද්‍ර කර ගනිමින් සිදූ කරණ ලද සංවිධානාත්මක ලෙස කරගෙන ගිය විදේශිය මත් පැන් ජාවාරම් රාශියක් මෙම ඒකකය විසින් අත් අඩංගුවට තිබුන බව කියැවේ .
සුරාබදු නිළධාරින් වෙත ලැබුණු තොරතුකට අනුව සැකකරු අත් අඩංගුවට ගැනිමට යාමේදි  සැක කරු ගමන් ගත් වැන් රථය අධික වේගයෙන් පලාගොස් ඇති අතර එහි ලූහු බැද කොච්චිකඩේ  දළුවකොටුව ප්‍රදේශයෙදී මහත් පරිශ්‍රමයක් දරා මාර්ගය හරස් කොට සැක කරු හා මිළ අධික විදේශිය මත්පැන් තොගය සමග වැන් රථය අත් අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත් අඩංගුවට ගත් රථය සහ මත් පැන් බෝතල්වල වටිනා කම රුපියල් ලක්ෂ 25ක් පමණ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

මෙම සැකකරු හා වැන් රථය ඉකුත් 26 දින මිගමුව මහේස්ත්‍රාත් කපිල දූෂාන්ත එපිටවෙල මහතා වෙත ඉදිරිපත් කර චෝදනා ගොණු කිරිමෙන් පසුව මත්පැන් සදහා රුපියල් දස දහසක දඩයක් හා වැන් රථය තිනි විරෝධි කි්‍රයාවක යෙදවිම නිසා අමතර රුපියල් පනස් දහසක දඩ මුදලක්ද අදාල වහනය අයිතිකරු විසින්ම නිතී විරෝධි කටයුතු සදහා යොදා ගෙන තැබිම හේතුවෙන් අදාල රථය රාජසන්තක කරන ලෙස මහෙස්ත්‍රාත් වරයා නියෝග කර තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here