විස්සයි 20 සේ ශ්‍රි ලංකා බලඇණියට මීගමුවෙන් දසුන් !

0
188

Dasun Shanaka sets SL record for most Sixes in T20_6380f186-b75d-4258-96bf-b94ea5ac2b16

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා (6 වැනිදා) පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගය සඳහා නම කර ඇති ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ සහ තුන් ඉරියවු ක්‍රීඩක දසුන් ශානක කැඳවා ඇති බැව් අද මාධ්‍ය වාර්ථා කර තිබුණි.

මේ වසරේ පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට  එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට සහභාගි වූ දසුන් ශානකද එම තරගාවලියෙන් පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර කැඳවා ඇත.
මේ දක්වා විස්සයි20 තරග 12 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 112 ක් රැස්කරමින් කඩුලු 6 ක් දවාගැනීමට සමත්ව තිබේ .

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, දසුන් ශානක, වනිඳු හසරංග, මිලින්ද සිරිවර්ධන, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ විකුම් සංජය